සනත් නිශාන්ත මියගිය අනතුර ගැන පළමු වරට රියදුරු හෙළිකළ දේ..මැරෙන්න කලින් සනත් මැරෙන බවත් කියවල..
පුත්තලම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් එම රථය පැදවූ රියදුරා පොලීසියට විශේෂ කරුණු දැක්වීමක් කර තිබෙනවා.
ඒ අනුව රියරුදු ප්‍රභාත් එරංග මහතා පොලීසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ මෙලෙසින්,
"අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න බලාගෙන ආවේ.
ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා.
ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා.
ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා." මාධ්‍ය වාර්තා පවසන අන්දමට විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට කිලෝමීටර් 160 ඉක්මවූ වේගයකින් ධාවනය කර ඇති බවයි.
අනතුරෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ හිසට සහ දකුණු කකුලට බරපතළ හානි තුවාල සිදුවී තිබූ බව, රෝහල් ආරංචි මාර්ග පවසනවා.
මේ අතර, "මට මාරක අපල තියෙනවා කියලා හඳහන බලපු ජ්‍යොතිෂවේදියෙක් කිව්වා" යැයි කටුනායක අධිවේගී මාර්ගයේ වූ මාරක රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මීට දින කිහිපයකට පෙර මාධ්‍යවේදීන් සමග පැවැති සුහද හමුවකදී ප්‍රකාශ කර ඇති බවද වාර්තා වනවා.
මීට සති දෙකකට පෙර කොළඹදී මෙම සුහද හමුව පවත්වා තිබුණා. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සිනාසෙමින් වැඩිදුරටත් පවසා ඇත්තේ, "ගහේ හලේ ගැහුවත් උඹව මරන්න බැහැ" යැයි සිය හඳහන බැලූ ඥාතියෙකු පැවසූ බවයි.
"ඒ් වගේම මම අදටත් ජීවත් වෙනවා." යැයිද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.
තවද දේශපාලනයෙන් සමුගන්නා ලෙසට පවුලේ සාමාජිකයන් තමාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසා ඇති බවයි වාර්තා වන්නේ.