සම්පත් මනම්පේරි රිමාන්ඩ් බන්ධනාගාරයට
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි සම්පත් මනම්පේරි සැප්තැම්බර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (23) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
සම්පත් මනම්පේරි නැමැත්තා මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එළැඹෙන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කෙරුණි.
මීට අමතරව වලස්මුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ සම්පත් මනම්පේරි නමැත්තාගේ මිතුරියකගේ නිවසක තිබී අවි ආයුධ හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර ලෙස නියම කර ඇත.
සම්පත් මනම්පේරි තම ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට ඉකුත්දා පෙත්සමක්ද ඉදිරිපත් කර ඇත.