ඔන්න ඊශ්‍රායල ගුවන් යානයක් කටුනායකට එනවලු මෙන්න විස්තරේ
අද සිට සෑම සතියකම අඟහරුවාදා පස්වරු 18.30 ඊශ්‍රායලයේ ARKIA AIRLINES ගුවන් සමාගමේ IZ 639 දරන ගුවන් යානය ටෙල්අවිව් ගුවන් තොටුපොළේ සිට කොළඹ බලා ගමන් කරනු ඇත.
මෙම පුවත ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත. එමෙන්ම ගුවන්යානය හෙට උදෑසන 06.15ට වනවිට කොළඹ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණිමට සූදානම්ව ඇත.
එමෙන්ම ඕමානය හා මාලදිවයින ඊශ්‍රායිල් ගුවන් යානා සඳහා ගුවන් අවකාශය තහනම් කිරීම හේතුවෙන් මෙම ගුවන් යානය සීෂෙල්ස් හරහා ගොස් කොළඹට පැමිණීමට හා කොළඹ සිට ටෙල් අවිව් බලා ගමන් කිරීමට පැය 09.15 කාලයක් ගත වෙන බව වාර්තා වේ.
හෙට රාත්‍රී 22.30ට කොළඹින් පිටත්වන IZ 640 ගුවන් යානය බ්‍රස්පතින්දා උදෑසන 05.35ට ටෙල්අවිව් බලා පැමිණීමට නියමිත ය. ඊශ්‍රායලයේ සංචාරකයන් ඉලක්ක කර පියාසර කරන මෙම ගුවන් යානාය සතිපතා එක්වරක් ක්‍රියාත්මක කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරයි.