ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

Report

 "ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කර අතරමඟ නැවතී ඇති උප ව්‍යාපෘති වල වැඩ අවසන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වර්ෂ 2016-2020 දක්වා කාලය තුළ 'ළඟම පාසල හොඳම පාසල' නමින් පාසල් වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. 2025 වර්ෂය ආරම්භ වන විට, එකී ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලද උප ව්‍යාපෘති අතුරින් ව්‍යාපෘති 29 ක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ද, ව්‍යාපෘති 3ක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු යටතේ ද තවදුරටත් නිම කිරීමට ඉතිරිව පැවතිණි.

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙම අතරමග නැවතී ඇති ව්‍යාපෘති හේතුවෙන් පාසල් ප්‍රජාව ගැටලු රාශියකට මුහුණ දෙන අතර, එම කාර්යයන් වෙනුවෙන් වියදම් වූ මුදල් ද නිෂ්කාර්යය වියදමක් බවට පත් වී තිබේ.

ඒ අනුව, 'ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘතිය යටතේ ආරම්භ කර තවදුරටත් ඉතිරිව ඇති ඉදිකිරීම ව්‍යාපෘති වල ඉතිරි ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කර 2025, 2026 සහ 2027 වර්ෂයන්හිදී ප්‍රමුඛතා පදනම් මත සම්පුර්ණ කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව