බිබිලේ පියසේන ඇවිත් මගේ ගම්මිරිස් අස්වැන්න ලක්ෂ ගාණකට මිලදී ගත්තා - ඇමති සමන්තගෙන් හෙළිදරව්වක්
පසුගිය කන්නයේ තමන් ලබාගත් සාර්ථක ගම්මිරිස් අස්වැන්නෙන් රුපියල් ලක්ෂ ගණනක ඉහළ පෞද්ගලික ආදායමක් උපයා ගැනීමට තමන්ට හැකි වූ බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
නිසි කළමනාකරණයෙන් සහ නවීන කෘෂිකාර්මික ක්‍රමවේදයන්ගෙන් යුතුව ගම්මිරිස් වගාවන් ක්‍රමවත්ව සිදු කිරීමෙන් ඕනෑම ගොවියෙකුට ලක්ෂ ගණනක ඉහළ ආදායමක් ඉතාමත් පහසුවෙන් උපයා ගත හැකි බව ද අමාත්‍යවරයා විශේෂයෙන්ම පෙන්වා දුන්නේය.
තමන් ලබාගත් එම සාර්ථක අස්වැන්න විකිණීම සඳහා වෙළඳපොළ සොයා යාමට සිදු නොවූ බවත් බිබිලේ ප්‍රදේශයේ පදිංචි පියසේන නැමැති ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු තමන් පදිංචි ස්ථානයටම පැමිණ එම සියලුම ගම්මිරිස් අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගත් බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
වත්මන් රටේ සමස්ත සංවර්ධන කටයුතු සහ පොදු වැඩ කරන ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් වත්මන් රජය ගන්නා ඉදිරිගාමී තීරණාත්මක පියවර හමුවේ විවිධ පාර්ශවයන්ගෙන් නොයෙකුත් දේශපාලන විවේචන එල්ල වුවද තම රජය රටේ සිටින අහිංසක දුප්පත් ජනතාව සහ සමස්ත ගොවි ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීම වෙනුවෙන් උපරිමයෙන් කැපවී කටයුතු කරන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.