ඒ පාර සජබයට වැරදුනාද? - කථිකයින්ට බෙදා දුන් අතිශය රහසිගත මාර්ගෝපදේශන පත්‍රිකාවක් ලීක් වෙයි? - (PHOTOS)

Anura Kumara Dissanayaka Sajith Premadasa Janatha Vimukthi Peramuna Samagi Jana Balawegaya Sri Lanka Presidential Election 2024
By Wayomi Aug 28, 2024 02:21 PM GMT
Wayomi

Wayomi

Report

2024 ජනාධිපතිවරණය සඳහා සමගි ජන බලවේගය මගින් පවත්වනු ලබන ජන හමු සහ රැස්වීම් ආදියේදී පක්ෂයේ කථිකයින්ට දිරිපත් කරන ලද මාර්ගෝපදේශන පත්‍රිකාවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා..

කෙසේ වෙතත් එම මඩ මාර්ගෝපදේශන පත්‍රිකාව සම්බන්ධයෙන් දේශපාලන ක්‍රියාකාරීන් සහ විශ්ලේෂකයින්ද ඊයේ දිනයේ අදහස් පලකළ අතර ඔවුන් පවසා සිටියේ එම පත්‍රිකාව ව්‍යාජ එකක් නොවන බවයි.

එම පත්‍රිකාවේ “ජවිප/ජාජබ/අනුර කුමාර දිසානායක ඉලක්ක කිරීම” යනුවෙන් වෙනම උපදෙස් මාලාවක් ලබාදී ඇති අතර එහි පහත නියෝග ඇතුලත් වේ.

1) ජවිපෙ සමග රටට අනාගතයක් නැති බව

ජවිපෙ බලයට ආවොත් කියුබාවේ. වෙනිසියුලාව මෙන් එදා වේල සඳහා මිනීමරාගත්තා රටක්. කෑම වේලක් සඳහා ගණිකා සේවයේ යෙදීමට සිදුවන රටක් බිහි වන බව. 🟡

2) වර්තමාන ජවිපෙ නායකයන්ගේ අදුරදර්ශී සහ අමනෝඥ ආකල්ප සිහිපත් කළ යුතු ය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන හඳුන්නෙත්ති විසින් කියන ලද ප්‍රකාශ (‘අපිට ගෙවන්න බෑ මචං’)

3) ලොව ජනප්‍රියම විදුලි මෝටර් රථය නිපද වූ ඉලොන් මස්ක්, හඳුන්නෙත්ති විසින් ” ආර්ථික ඝාතකයෙක් ” යැයි හැඳින්වීම සහ පසුව සමාව ගැනීම.

4) ජවිප නායකයන්ගේ දෙබිඩි ජීවිත කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

“ඔවුන්ගේ දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබන අතර සාමාන්‍ය ජනයාගේ දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගන්නවාට විරුද්ධ වීම.

මිහින් ලංකා සම්බන්ධව මහින්දට එළව එළවා පහර දෙන අනුර කුමාර, මහින්ද මාර්ගයෙන් ම තමන්ගේ පුතාට එම මිහින් ලංකා සමාගමේම රැකියාවක් ලබාදීම.

5) ජවිප/ ජාජබ යනු ලංකාවේ සංස්කෘතියට කිසි ගෞරවයක් නොදක්වන කල්ලියක් බව.

දළදා මාළිගාවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම

කාන්තාවන් ගණිකා සේවයේ යෙදවීම අනුමත කිරීම

6) ජාජබ (ජවිපෙ) කතා කරනවා හැර වැඩ කිරීමක් නැති බව ඉස්මතු කළ යුතු ය.

ඒ සඳහා කයියනායක’ කයියෝ”. ‘ගෝටා part 2’ වැනි යෙදුම් පාවිච්චි කළ යුතු ය.

තිස්සම්භාරාම ජයගත් ජවිපෙ, තිස්සට කළ දෙයක් නැති බව

මිල්කෝ ආයතනය කඩා වැටුණු ආකාරය

එම ඡායාරූප පහතින්,


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery