බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාර ගත කරයි..

Report

නාගරික සංවර්ධන අධිකාරියෙන් ව්‍යාපාරිකයකුට හිමිවිය යුතු රුපියල් කෝටි 11ක වන්දි මුදලක් ලබා ගැනීමේ කටයුතු කරදීම සඳහා රුපියල් කෝටි හතරක අල්ලස් මුදලක් ඉල්ලා ,වන්දි මුදලින් කොටසක් වන ලක්ෂ 283ක මුදලක් ලැබුණු පසුව ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ හා ඔහුගේ මිතුරෙකු වන ව්‍යාපාරිකයකු ලබන 24 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද(17) නියෝග කරන ලදී.

පාර්ලිමේන්තුව රැස්වීමට තීරණයක්..ජනවාරි 21 සිට 24 දක්වා..

පාර්ලිමේන්තුව රැස්වීමට තීරණයක්..ජනවාරි 21 සිට 24 දක්වා..


බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කළ සලෝචන ගමගේ හා දුශාන්ත දිනේෂ් සැකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

සැකකරුවන්ට ඇප ලබා දෙනවාද? නැද්ද ?යන පිළිබඳ නියෝගය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වීමෙන් පසුව සළකා බලන බවද මහේස්ත්‍රාත්වරිය සදහන් කරන ලදී.


සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කරන ලදී.

You May Like This video