වැඩි ගාණට වතුර බෝතල් විකුණුවොත් වැඩ වරදී

Sri Lanka Water Price
By Zara Apr 08, 2025 01:05 PM GMT
Zara

Zara

Report

දේශීවය බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් පසුගිය 01 වැනිදා සිට නියම කර ඇති බැවින් එම මිලට වඩා වැඩි මුදලට පානීය ජල බෝතල් අලෙවි කරන්නන් සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ඒ අනුව පානීය ජල බෝතල් මි.ලී 500 රුපියල් 70.00, ලීටර 1 රුපියල් 100.00, ලීටර 1.5 රුපියල් 130.00, ලීටර 2 රුපියල් 160.00 හා ලීටර 05 රුපියල් 350.00ක් ලෙසත් මිල නියම කර ඇති අතර එකී මිල ගණන්වලට වඩා වැඩි මුදලට අලෙවි කිරීම නොකළ යුතු බවත් එම අධිකාරිය පවසයි.

දැරණියගල අවට ජනතාව විමසිල්ලෙන් සිටින්න!

දැරණියගල අවට ජනතාව විමසිල්ලෙන් සිටින්න!

එහිදී පැරණි මිල ගණන් සලකුණු කර ඇති සියලුම දේශීය ජල බෝතල් ද නව මිල යටතේ විකිණිය යුතු අතර එකී ජල බෝතල් ව්‍යාපාරික ස්ථානයෙන් ඉවත් කිරීම හෝ නැවත නිෂ්පාදන ආයතන වෙත යොමු කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර සඳහන්ව ඇති පැරණි මිල වෙනස් කිරිම ඉවත් කිරීම මෙන්ම විකෘති කිරීම්ද නොකළ යුතු බව එම අධිකාරිය වෙළෙන්දන් වෙත දැනුවත් කර තිබෙනවා .

වසර 3කට පෙර පාතාලයේ පින්තු ඝාතනයට පළිගැනීමක් (UPDATE)

වසර 3කට පෙර පාතාලයේ පින්තු ඝාතනයට පළිගැනීමක් (UPDATE)

ඒ අනුව උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් පානීය ජල බෝතල් අලෙවි කරන වෙළෙඳුන් සොයා දිවයින පුරා වැටලීම් සිදු කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර එසේ වැඩි මිලට විකුණනු ලබන ව්‍යාපාරික ස්ථාන වෙතොත් ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි කළ හැකි බවත් එම අධිකාරිය මහජනතාව වෙත දැනුම් දී තිබේ.

එමෙන්ම උත්සව සමය වෙනුවෙන් සැලසුම් කළ වැටලීම් තව දුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර එහිදී සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙන්ම සේල් මගින් පාරිභෝගිකයින් රැවටීම හෝ අසාධාරණයට ලක් කිරීම වැළැක්වීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ඒ වෙනුවෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් එම අධිකාරිය නිවේදනයක් මගින් සඳහන් කර තිබෙනවා.

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය නිසා ලංකාවේ කොටස් වෙළෙඳපොළට රු. කෝටි 43,500ක් අහිමි වේ!

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය නිසා ලංකාවේ කොටස් වෙළෙඳපොළට රු. කෝටි 43,500ක් අහිමි වේ!

නාමල්, අභාවප්‍රාප්ත මාලිමා මන්ත්‍රීට අවසන් ගෞරව පුදයි

නාමල්, අභාවප්‍රාප්ත මාලිමා මන්ත්‍රීට අවසන් ගෞරව පුදයි


ReeCha