දැරණියගල අවට ජනතාව විමසිල්ලෙන් සිටින්න!
By Shehan
දැරණියගල පොලිස් බලප්‍රදේශයට අයත් 112බී පන්දාහා ගම ග්‍රාම නිලධාරී වසමේ ප්‍රදේශයක නායයෑමක් සිදු වී තිබේ.
දැරණියගල සිට මාලිබොඩ තලාව දක්වා විහිදෙන ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටීම නිසා එම මාර්ගයේ මීටර් 50ක පමණ දුරක් හානි වී ඇතැයි වාර්තා වේ.
අපගේ වාර්තාකරු සඳහන් කළේ, කඩා වැටුණු ගල් මාර්ගයේ රැඳී පැවතීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති වී ඇති බවයි.
නායයෑමෙන් ආසන්නයේ පිහිටි නිවසකට හානි සිදු වී ඇති අතර, එම නිවසේ සිටි පුද්ගලයෙකු සුළු තුවාල ලබා දැනට දැරණියගල රෝහලට ඇතුළත් කර තිබේ.