ඔන්න දැන් පෞද්ගලික අංශයටත් වැටුප් වැඩි වෙන්න යන්නේ

Report

කම්කරු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පෞද්ගලික අංශයට ගෙවනු ලබන ජාතික අවම මාසික වැටුප අප්‍රේල් මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩිකිරීමට අදාලව පනත් 3ක් ඊයේ (22) රැස්වූ පාර්ලිමේන්තුවේදී සම්මත වූ බවයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ මෙතෙක් මසකට රුපියල් 21,000ක්ව පැවැති පෞද්ගලික අංශයේ ජාතික අවම මාසික වැටුප මෙම පනත් සම්මතය අනුව මෙම වසරේ අප්‍රේල් 01වනදා සිට මසකට රුපියල් 27,000 දක්වා වැඩි කිරීමටත් ජාතික අවම දෛනික වැටුප ද එදින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 700 සිට 1,080 දක්වා වැඩි කිරීමටත් පෞද්ගලික අංශය කටයුතු කළ යුතු බවයි.

මෙම ජාතික අවම වැටුප ලබන වසරේ ජනවාරි මස 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30,000 දක්වාත් දෛනික වැටුපද එදින සිට රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වාත් වැඩි කිරීමටත් නියමිතව තිබෙනවා.

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

ලංකාවේ පාස්පෝර්ට් එකෙන් ලොකු පිම්මක්

ලංකාවේ පාස්පෝර්ට් එකෙන් ලොකු පිම්මක්