ලංකාවේ පාස්පෝර්ට් එකෙන් ලොකු පිම්මක්

Report

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ස්ථාන 5ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව එම දර්ශකයේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය 96 වන ස්ථානයේ සිට 91 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

පසුගිය වසරේදී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ස්ථාන 4ක් ඉදිරියට පැමිණ තිබුණි.

පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව තම රටේ ජනතාවට ඇතුළුවිය හැකි ගමනාන්ත ගණන අනුව හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය මෙම වසරේ රටවල් ශ්‍රේණිගත කරනු ලබනවා.

පාසල් වලට විතරක් නෙවෙයි පෙරපාසල් වලටත් විෂය නිර්දේශයක්

පාසල් වලට විතරක් නෙවෙයි පෙරපාසල් වලටත් විෂය නිර්දේශයක්

ශ්‍රී ලංකාවට ලෝකයේ ගමනාන්ත 42කට වීසා රහිත ප්‍රවේශය පවතිනවා. සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ගමනාන්ත 193කටත් ජපානය සහ දකුණු කොරියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 190ක් සඳහාත් වීසා රහිත ප්‍රවේශය පවතිනවා.

එම දර්ශකයේ ඉන්දියාව ස්ථාන 8ක් ඉදිරියට පැමිණ ඇති අතර ඒ අනුව ඔවුන්ට 77 වන ස්ථානය හිමිව තිබෙනවා.

ඉන්දියාව මීට පෙර එම දර්ශකයේ 85 වන ස්ථානයේ රැඳී සිටියා. එම දර්ශකයේ අවසන් ස්ථාන හතරේ පාකිස්තානය, ඉරාකය, සිරියාව සහ ඇෆ්ගනිස්තානය රැඳී සිටී. 

පැය 24ට යන්න එපා - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

පැය 24ට යන්න එපා - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්