"නාමල් රාජපක්ෂ තමයි ඊළග නියත ජනපති" කැට තියන සංජීව එදිරිමාන්න

Anura Kumara Dissanayaka Namal Rajapaksa Sri Lanka Politician Latest Headlines Sinhala news
By Ashfa Jul 31, 2025 10:09 AM GMT
Ashfa

Ashfa

Report

මෙරට තුළ මීළඟ ජනාධිපති සම්බන්ධයෙන් අතීතයට සාපේක්ෂව විශාල සංවාදයක් ගොඩනැගී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා.

"මට කියනවා අහවලාගේ අහවල් එක අයින් කරලා පෙන්නන්නලු මුන්ට කුණුහරුපෙන් බනින්න ඕනේ" ඇමති ලාල් කාන්ත

"මට කියනවා අහවලාගේ අහවල් එක අයින් කරලා පෙන්නන්නලු මුන්ට කුණුහරුපෙන් බනින්න ඕනේ" ඇමති ලාල් කාන්ත

ඊයේ (30) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ, නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පවත්නා ජනාධිපතිවරණ සංවාදය කිසිවෙකුගේ නිර්මාණයක් නොවන අතර, එය ස්වභාවිකව සමාජයෙන් උත්පන්න වූ මතයක් බවයි.

පාසල් අධ්‍යාපනය විතරක් නෙමෙයි දහම් පාසල් අධ්‍යාපනයෙත් වෙනසක්

පාසල් අධ්‍යාපනය විතරක් නෙමෙයි දහම් පාසල් අධ්‍යාපනයෙත් වෙනසක්

ඔහු තවදුරටත් විමසා සිටියේ, මේ වන විට කොතැනක වුවද අනුර කුමාර දිසානායක මහතා මීළඟ ජනාධිපතියා ලෙස නම් කරමින් යම් ආලෝචනයක් හෝ ප‍්‍රකාශයක් පළ වී ඇත්ද යන්නය. එමෙන්ම, ප්‍රධාන විපක්ෂය විසින් වත්මන් ආණ්ඩුව පරාජය කරමින් ඊළඟ ආණ්ඩුවක් ගන්නා බවට පවා උත්තරයක් ලැබී නොමැති බවද ඔහු සදහන් කළේය.

සුපිරි මොළයක්නෙ - අලි ගැටුම විසදන්න සජිත්ගෙන් සුපිරි ක්‍රම 10ක්

සුපිරි මොළයක්නෙ - අලි ගැටුම විසදන්න සජිත්ගෙන් සුපිරි ක්‍රම 10ක්

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සඦීව එදිරිමාන්න මහතා :

”ඇත්තටම ලංකාවේ දේශපාලනය ආපස්සට කියවගෙන කියවගෙන යද්දී අතීතයට සාපේක්ෂවත් ඉතාම මෑත කාලීන දේශපාලන ප්‍රවණතාවන්ට සාපේක්ෂව බැලුවහම අපි මීට පෙර කවදාවත්ම දැකපු නැති තරමේ රටේ ඊළඟ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ලොකු සංවාදයක් ජාතික තලයේ දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඔබට ඇහෙනවද කිසිම තැනක ඊළඟ සැරේ ජනාධිපති අනුර කුමාර දිසානායක කියල කවුරුහරි කියනවා. අවම වශයෙන් ප්‍රධාන විපක්ෂය ඊළඟ ආණ්ඩුව ගනියි කියල කවුරුහරි කියනවා ඔබට ඇහිලා තියෙනවද? හැබැයි නාමල් රාජපක්ෂ ඊළඟ ජනාධිපති කියන සංවාදය අපි හදපු එකක් නෙවෙයි ස්වාභාවිකව එවැනි සංවාදයක් රට ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා. එය කවුරුන් විසින් හෝ කෘතිමව නිර්මාණය කළ එකක් නෙවෙයි ඒක ස්වභාවික ලෙස ගොඩනැගිච්ච සමාජ මතයක්”

ReeCha