සුපිරි මොළයක්නෙ - අලි ගැටුම විසදන්න සජිත්ගෙන් සුපිරි ක්‍රම 10ක්
විධිමත්, විද්‍යාත්මක සහ නිවැරදි අලි සංගණනයක් වහාම සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, 2010 වසරේදී නිර්මාණය කළ ජාතික සැලසුමත් සමඟම රජය වහා ක්‍රියාත්මක විය යුතු බවයි. අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා පියවර 10ක් ඔහු විසින් යෝජනා කරන ලදී.
ඒ අතරින් මුල්ම අදියර වශයෙන් නිවැරදි අලි ගණන් කිරීමක් ක්‍රියාත්මක විය යුතු බවත්, දෙවැනි අදියර ලෙස 2010 සැලැස්ම ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු පැවසීය.
තුන්වැනි වශයෙන්, ජනාධිපති නායකත්වයෙන් විවිධ අමාත්‍යංශ සහ ආයතන එක්සත් කරගනිමින් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා එම සැලැස්ම ඉදිරියට ගෙන යාම අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම, ‘Tusker Protection Task Force’ නමින් විශේෂ අලි ආරක්ෂණ බලකායක්ද පිහිටුවා යුතු බව පෙන්වා දුන්නා. තවත් වැදගත් යෝජනාවක් වශයෙන්, දත්ත මූලිකව ක්‍රියාත්මක විය යුතු බවත්, ශ්‍රී ලංකාවේ වර්ග කිලෝමීටර් 65,610ක භූමි ප්‍රමාණය තුළ, මෑතකදී සිදුකළ අලි සංගණනයක් අනුව අලින් 5,879ක් වාර්තා වී ඇති බවත් ඔහු කියා සිටියේය.
දිස්ත්‍රික්ක 25ක් අතරින් 19ක් දැනටමත් අලි මිනිස් ගැටුමට භාජනය වී ඇතැයිද සඳහන් කළේය. එමෙන්ම, වන අලි ගැටුම් හේතුවෙන් ජනජීවිතයට, වගා කටයුතු හා දේපළවලට සිදුවන හානියට යථාතථ්‍ය වන්දි ක්‍රමයකින් පිළිතුරු ලබාදිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
ඔහු වැඩිදුරටත් යෝජනා කළේ, පෙර යෝජිත “Project Elephant,” “Project Leopard,” සහ “Project Whale” වැනි ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළ යුතු බවයි. එමෙන්ම, දුම්රිය මාර්ගවල සිදුවන අනතුරු අවම කිරීම සඳහා තාක්ෂණික විසඳුම් ක්‍රියාත්මක කළ හැකි අතර, ලෝකයේ කිසිඳු රාජ්‍ය මුදලක් භාවිතා නොකර ජාත්‍යන්තර ආධාරය මත පදනම්ව මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු පැවසීය.
වනාහි, රෝගාතුර හා තුවාල වූ අලි සත්ත්වයන් සදහා ජංගම සෞඛ්‍ය රෝහල් සේවාවක් ඉන්දියාවේ ක්‍රියාත්මක වන අතර, එවැනි වැඩසටහනක් ශ්‍රී ලංකාවෙදිය ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු අවසන්ව දක්වා සිටියි.
