සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට අනතුරු අගවයි

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පවසන්නේ සමගි ජන බල­වේ­ගය ජන­තා­වගේ ප්‍රශ්න අව­බෝධ කර ගත් ශක්ති සම්පන්න බල­වේ­ග­යක් විය යුතු බවයි.

පාසල් විශේෂ නිවාඩු - සෙනසුරාදා පාසල් පැවැත්වේ

පාසල් විශේෂ නිවාඩු - සෙනසුරාදා පාසල් පැවැත්වේ

මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංස­දය අම­ත­මින් විපක්ෂ නාය­ක­ව­රයා පැවසුවේ,

“ලක්ෂ 220ක් අපේ රටේ ජන­තාව මෑත කාලයේ ජනා­ධි­ප­ති­ව­රණ දෙක­කදී රැව­ටුණා. 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසු රට බංකො­ලොත් වූණා. 2024 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී බොරුව, මුසාව සහ මුළාව නිසා රට අන්ත­රා­දා­යක තත්ත්ව­යට පත් වුණා. වසර 2028 රට මුහු­ණ­දී­මට නිය­මිත අභි­යෝ­ගය ගැන හොඳ අව­බෝ­ධ­යක් තිබිය යුතුයි. 2028 වන විට වාර්ෂි­කව ඩොලර් බිලි­යන 5ක ණය ගෙවී­මට සිදු වෙනවා. එය සිදු කිරීම නම් රටේ ආර්ථික වර්ධන වේගය වේග­වත් විය යුතුයි. කර්මාන්ත, කෘෂි­කර්මාන්ත, සංචා­රක, සේවා ආදී සෑම ක්ෂේත්‍ර­ය­කම දියු­ණු­වක් සිදු විය යුතුයි. එසේ කළොත් 2028 සිට ණය ගෙවී­මට හැකි වෙනවා. නමුත් මේ යන වේග­යට ගියොත්, මේ යන ආකා­ර­යට ආර්ථි­කය වර්ධ­නය නොවු­ණොත්, ලැබිය යුතු ඍජු විදේශ ආයෝ­ජ­න­ව­ලින් ලැබෙන්නේ තුනෙන් එකක් නම් ණය ගෙවිය නොහැ­කිව නැවත වරක් බංකො­ලොත් වෙනවා.

අවුරුද්දක් හොයලා දැන් සෙව්වන්දිගේ ඩමියත් මතුවෙලා - නාමල් රාජපක්ෂ සෙව්වන්දි ගැන කියයි

අවුරුද්දක් හොයලා දැන් සෙව්වන්දිගේ ඩමියත් මතුවෙලා - නාමල් රාජපක්ෂ සෙව්වන්දි ගැන කියයි

පසු­ගිය රජයේ අයි.එම්.එෆ්. ගිවි­සුම ගැන උප­දෙස් දුන් ආර්ථික උප­දේ­ශ­ක­ව­රුන් කියන්නේ මේ යන ක්‍රම­යට නම් ණය ගෙවන්න බැරි බවයි. ඒ අයම තමයි 2033 සිට ණය ගෙවිය යුතුව තිබි­යදී 2028 ණය ගෙවිය යුතු වසර ලෙස තීන්දු කළේ. 2028දී ණය ගෙවන්න බැරි වුණොත් බංකො­ලොත් යන නාමය රටට ලැබෙ­නවා. අයි.එම්.එෆ්. එක 2033 සිට ණය ගෙවන්න ප්‍රමා­ණ­වත් යැයි කිය­ද්දීත් 2028 ණය ගෙවන්න පොරො­න්දුවී තිබෙ­නවා. ඒ සඳහා මේ වසර තුනේ ශීඝ්‍ර ආර්ථික වර්ධ­න­යක් ලබා ගත යුතුයි. විදේශ සංචිත පවත්වා ගෙන යා යුතු වුවත් සිදු වන්නේ රැව­ටිල්ල, බොරුව පම­ණයි.” යැයි පැවසුවේය.