විභාග නෑ, ප්‍රමෝෂන් නෑ, වැටුප් නෑ.. ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය සේවකයින් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැදට පනී

Report

බොරු පොරොන්දු ලබාදී බලයට පැමිණි වත්මන් රජය ගොවීන්, ධීවරයන් සහ සංවර්ධන නිලධාරීන් රවටා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සංවර්ධන නිලධාරීන් සමඟ අද පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, රට තුළ සිටින සංවර්ධන නිලධාරීන් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හඬ නගන බවයි.

ඔහු පෙන්වා දුන්නේ, නිදහස් අධ්‍යාපනය තුළින් උපාධි ලබාගත් දහස් සංඛ්‍යාත තරුණ පිරිසක් රාජ්‍ය සේවයට බඳවාගෙන තිබුණද, ඔවුන් සඳහා මෙතෙක් නිසි සේවා ව්‍යවස්ථාවක් සකස් කර නොමැති බවයි. බඳවා ගැනීමේ විභාග, සමාන වැටුප් තල, උසස්වීම් ක්‍රමවේද සහ උපාධි සුදුසුකම්වලට ගැළපෙන තනතුරු නොමැතිවීම බරපතළ ගැටලුවක් බවද ඔහු සඳහන් කළේය.

"ශානි මන් ගැන වෛරයකින් ඉන්නේ.." - හිටපු ජනපති ගෝඨා උසාවි ගොස් ලොකුම බෝම්බය පුපුරුවයි

"ශානි මන් ගැන වෛරයකින් ඉන්නේ.." - හිටපු ජනපති ගෝඨා උසාවි ගොස් ලොකුම බෝම්බය පුපුරුවයි

ජනාධිපතිවරණ සමයේ සංවර්ධන නිලධාරීන්ට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වී ඇති බවත්, ඔවුන් වෙනුවෙන් සමගි ජන බලවේගය දිගටම පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී ද අවධානය යොමු කරන බව ඔහු පැවසීය.

එසේම, වැඩිහිටි සහ විශ්‍රාමික ප්‍රජාවට ලබාදුන් පොලී සහන අහිමි වී ඇති බවත්, ගොවීන්ට බීජ සහ පොහොර සඳහා ලබාදුන් සහන හා ස්ථාවර මිල ක්‍රමවේද ද ක්‍රියාත්මක නොවන බවත් ඔහු චෝදනා කළේය.

ධීවර ජනතාවට ලබාදෙන බවට ප්‍රකාශ කළ සහන සහ සම්පත් ද කප්පාදු කර ඇති බව පවසන විපක්ෂ නායකවරයා, ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් තිබියදී රජය ඉදිරිපත් කරන ආර්ථික සංඛ්‍යා ලේඛන ජනතාවගේ සැබෑ තත්ත්වය නිරූපණය නොකරන බවද සඳහන් කළේය.

ලංකාවට එන්න තියෙන ලොකුම කාලගුණ අනතුර මෙන්න - අග්‍රාමාත්‍යගෙන් රටටම හදිසි නිවේදනයක්

ලංකාවට එන්න තියෙන ලොකුම කාලගුණ අනතුර මෙන්න - අග්‍රාමාත්‍යගෙන් රටටම හදිසි නිවේදනයක්

රජය සමාජ මාධ්‍ය හරහා ජනමතය හැසිරවීමට උත්සාහ කරන බවට ද චෝදනා කළ ඔහු, ජනතාවට ලබාදෙන බවට පොරොන්දු වූ සහන රැසක් මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බව පැවසීය.

තෙල් මිල, විදුලි බිල, ආපදා සහන සහ ජනතා සහන වැඩසටහන් සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු ඉටු වී නොමැති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, බොරු පොරොන්දු මත බලය ලබාගැනීම කෙටි කාලීනව සාර්ථක විය හැකි නමුත් එයට දිගුකාලීන පැවැත්මක් නොමැති බවද අවධාරණය කළේය.

ජනතාව වෙනුවෙන් සැබෑ ලෙස කැපවී සිටින්නේ සමගි ජන බලවේගය බවත්, රටට අවශ්‍ය විකල්පය කුමක්ද යන්න ජනතාව මේ වනවිට තේරුම් ගනිමින් සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය. 

"මන්ත්‍රීකම ලැබුණම ප්‍රසිද්ධිය විතරක් නෙවෙයි, ගිනි දැල්ලකුත් එනවා" - බිමල් රත්නායකගෙන් දේශපාලකයින්ට රිදෙන්නම ප්‍රහාරයක්

"මන්ත්‍රීකම ලැබුණම ප්‍රසිද්ධිය විතරක් නෙවෙයි, ගිනි දැල්ලකුත් එනවා" - බිමල් රත්නායකගෙන් දේශපාලකයින්ට රිදෙන්නම ප්‍රහාරයක්