"ශානි මන් ගැන වෛරයකින් ඉන්නේ.." - හිටපු ජනපති ගෝඨා උසාවි ගොස් ලොකුම බෝම්බය පුපුරුවයි

By Aylin Zoya Jun 16, 2026 04:26 PM GMT
Report

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ශානි අබේසේකර මහතා තමන් කෙරෙහි වෛරයකින් හෝ ද්වේශ සහගත අදහසකින් කටයුතු කිරීමට ඉඩකඩ පවතින බවයි.

ලංකාවට එන්න තියෙන ලොකුම කාලගුණ අනතුර මෙන්න - අග්‍රාමාත්‍යගෙන් රටටම හදිසි නිවේදනයක්

ලංකාවට එන්න තියෙන ලොකුම කාලගුණ අනතුර මෙන්න - අග්‍රාමාත්‍යගෙන් රටටම හදිසි නිවේදනයක්

පසුගිය ජුනි 3 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාස්කු ප්‍රහාර විමර්ශනයට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමිනි.

එම තත්ත්වය තුළ තමන්ගේ පුද්ගලික නිදහස අහිමි වීමේ හෝ අත්අඩංගුවට පත්වීමේ අවදානමක් මතුව ඇති බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවද හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සමෙන් සඳහන් කර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කරන ගෝඨාභය රාජපක්ෂ මහතා, මේ දක්වා කිසිදු විමර්ශන ආයතනයක් තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවද පවසයි. එසේම, අවශ්‍ය ඕනෑම අවස්ථාවක ප්‍රකාශයක් ලබාදීමට තමන් සූදානම් බවද ඔහු සඳහන් කර ඇත.

ලංකාවේ සංචාරක ව්‍යාපාරයෙන් අලුත්ම ලෝක වාර්තාවක්

ලංකාවේ සංචාරක ව්‍යාපාරයෙන් අලුත්ම ලෝක වාර්තාවක්

තමන් ජනාධිපති ධුරය දැරූ සමයේ පත් කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කොමිසම මගින් ශානි අබේසේකර මහතාට එරෙහිව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබූ බවත්, ඒ හේතුවෙන් ඔහුට තමන් සම්බන්ධයෙන් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීමේ හැකියාවක් පවතින බවත් පෙත්සමේ සඳහන් වේ.

තවද, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ විවිධ කොමිෂන් සභා වාර්තා හෝ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලින් තමන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ඒ අනුව, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සහ චැනල් 4 අනාවරණයෙන් අනතුරුව පත් කළ කොමිසමේ වාර්තාව අධිකරණයට කැඳවන ලෙසද ඔහු ඉල්ලා තිබේ.

මෙම පෙත්සම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් තමන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තැබීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

ගෝඨාභය රාජපක්ෂගෙන් අද හදිසියේම අභියාචනාධිකරණයට පෙත්සමක්

ගෝඨාභය රාජපක්ෂගෙන් අද හදිසියේම අභියාචනාධිකරණයට පෙත්සමක්