"මන්ත්‍රීකම ලැබුණම ප්‍රසිද්ධිය විතරක් නෙවෙයි, ගිනි දැල්ලකුත් එනවා" - බිමල් රත්නායකගෙන් දේශපාලකයින්ට රිදෙන්නම ප්‍රහාරයක්

Report

මන්ත්‍රීකම කියන්නේ රක්ෂාවක් නොවන බවත්,මිනිස්සුන්ට ආයිති දෙයක් බවත් බිමල් රත්නායක අමත්‍යවරයා පවසනවා.

ඔහු මේ පිළිබඳව අද (16) දින පැවැති රාජ්‍ය උත්සවයකදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

"මන්ත්‍රීකම කියලා කියන්නේ මොකක්ද ඩෝක්ටර් කෙනෙක්ට,ඉංජිනර් කෙනෙක්ට කෙනෙක්ට,විදුහල්පති කෙනෙක්ට වඩා සම්පුර්ණයෙන් වෙනස් එකක්. එක දෙන්න පුලුවන් මිනිස්සුන්ට විතරයි.ජනතාවට විතරයි.ඊළග පාර චන්ද අඩුූ උනොත් මොකද වෙන්නේ හි.ප.ම වෙනවා. හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී වෙනවා. වැදගත්ම දේ තමයි මන්ත්‍රීකම කියන්නේ රක්ෂාවක් නෙමෙයි. සහමුලින්ම නියෝජිත තත්වයක්. මන්ත්‍රීකම කියන්නේ මිනිස්සුන්ට ආයිති දෙයක්.
තාවකාලිකව තමයි අපිට හම්බවෙන්නේ මන්ත්‍රීකමක් ලැබුණම මොකද වෙන්නේ Fame එකක් එනවා ප්‍රසිද්ධියක් එනවා. හැබැයි Fame එක්ක Flame එකකුත් එනවා ගිනි දැල්ලකුත් එනවා. මොකක්ද නොවී තියෙන්න ඕනි. Fame එකේ Flame එකෙන් පිච්චෙන්නේ නැතිව ඉන්න දැනගන්න ඕනි. අපේ පංතියේ සමාන්‍ය ස්කෝලේ සමාන්‍ය භෂාවෙන් කියනවා මොකක්ද ගොනාට අදින්නේ නැතිව ඉන්න ඕනි.අන් තට්ටුවක් හයිකර ගන්න හොද නැහැ මොකෝ නියෝජනය කරන්නේ ජනතාව නිසා."

යනුවෙන් වැඩිදුරටත් පැවසිය.