ලංකාවට එන්න තියෙන ලොකුම කාලගුණ අනතුර මෙන්න - අග්‍රාමාත්‍යගෙන් රටටම හදිසි නිවේදනයක්

Report

ඉදිරියේදී ඇතිවිය හැකි බවට කාලගුණ අනාවැකි පළ කර ඇති එල් නිනෝ තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති කළමනාකරණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අද (16) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

රැස්වීමේදී විමධ්‍යගත අයවැය වැඩසටහන්, ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති, ආපදා අවම කිරීමේ වැඩසටහන්, ප්‍රජාශක්ති වැඩසටහන සහ රේඛීය අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති ඇතුළු 2026 වසර සඳහා සැලසුම් කර ඇති සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.

කෝවිඩ් වලට පස්සේ ලෝකයට එන ඊළඟ මාරක වෛරසය.. කුරුල්ලන් පිට පිට මියයන "උසුටු" වෛරසය ගැන සෞඛ්‍ය අංශවලින් හදිසි අනතුරු ඇඟවීමක්

කෝවිඩ් වලට පස්සේ ලෝකයට එන ඊළඟ මාරක වෛරසය.. කුරුල්ලන් පිට පිට මියයන "උසුටු" වෛරසය ගැන සෞඛ්‍ය අංශවලින් හදිසි අනතුරු ඇඟවීමක්

එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට සෘජුව මෙන්ම ගෝලීය වශයෙන්ද බලපෑම් එල්ල විය හැකි බැවින් ඒ සඳහා කල්තියා සූදානම් වීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ජල සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවද ඇය පෙන්වා දුන්නාය.

මේ අතර, ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ක්‍රීඩා අනුකමිටුවක් පත් කිරීමට ද කටයුතු කෙරිණි. එම අනුකමිටුව හරහා ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කළේය.

බිලියන 3.5ක විනාශයක් කරපු 'දිට්වා' සුළි කුණාටුවේ වන්දිය ගෙවන්න ADB ලංකාවට බිලියන ගණනින් සල්ලි පොම්ප කරයි

බිලියන 3.5ක විනාශයක් කරපු 'දිට්වා' සුළි කුණාටුවේ වන්දිය ගෙවන්න ADB ලංකාවට බිලියන ගණනින් සල්ලි පොම්ප කරයි

ග්‍රාමීය පාසල්වල ක්‍රීඩා කටයුතු සංවර්ධනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙසද අග්‍රාමාත්‍යවරිය මෙහිදී උපදෙස් ලබා දුන්නාය.

එසේම ප්‍රජාශක්ති වැඩසටහන යටතේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්‍රවේශ පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන, වෘත්තීය පුහුණු වැඩසටහන් සහ වැඩිහිටි ප්‍රජාව සඳහා ප්‍රජා මූලික සේවා තවදුරටත් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පවතින බවයි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර ඇතුළු මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

මේ විභාගය ඉවර වෙනකල් ඉන්දියාවේ ටෙලිග්‍රෑම් සීමා කරයි - ප්‍රශ්න පත්‍ර කාන්දුවී ඇති පුවත සම්බන්ධයෙනුත් අපේක්ෂකයන්ට දැනුවත් කිරීමක්

මේ විභාගය ඉවර වෙනකල් ඉන්දියාවේ ටෙලිග්‍රෑම් සීමා කරයි - ප්‍රශ්න පත්‍ර කාන්දුවී ඇති පුවත සම්බන්ධයෙනුත් අපේක්ෂකයන්ට දැනුවත් කිරීමක්