සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක් - “22 වැනි සංශෝධනය ‘දිට්වා’ වැනිම දරුණු ව්‍යසනයක්”
ආණ්ඩුව ඉදිරිපත් කිරීමට සූදානම් වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, 'දිට්වා' සුළි කුණාටුව මෙන්ම ප්රජාතන්ත්රවාදයට එල්ල වන දරුණු ව්‍යවසනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වත්තල ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති “Rhythm of the Night” අරමුදල් රැස්කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 'දිට්වා' සුළි කුණාටුවෙන් විපතට පත් පවුල් 100ක් සඳහා නිවාස ඉදිකරදීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ, යෝජිත ව්‍යවස්ථා සංශෝධනය හරහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්රජාතන්ත්රවාදී ප්‍රධාන කුළුණු තුන අඩපණ කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවයි.
අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කර එය විධායකයේ බලපෑමට යටත් කිරීමටත්, රට තුළ ඒක පක්ෂ ආඥාදායක පාලනයක් ස්ථාපිත කිරීමටත් ආණ්ඩුව උත්සාහ කරන බවටද ඔහු චෝදනා කළේය.
ජනතාවගේ දේශපාලන හා සමාජීය නිදහස ආරක්ෂා කරගැනීම සඳහා එවැනි පාලන ක්‍රමයකට රට ගෙනයාම වැළැක්විය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. මේ අතර, රටේ වත්මන් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය යල්පැන ගොස් ඇති බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ජල විදුලි ජනනය ඇතුළු වැදගත් ක්ෂේත්රවලට ආපදා හේතුවෙන් සිදුවිය හැකි බරපතළ හානි අවම කිරීම සඳහා නව ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු සඳහන් කළේය. සුනාමි සහ 'දිට්වා' වැනි ආපදා අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගනිමින් පූර්ව ආපදා සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප්‍රධාන වගකීමක් බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.