සජිත් සහ ලාල් කාන්ත අතර ගැටුමක්..ලාල් කාන්ත රිදෙන්නම කියපු දේට සජිත්ගෙනුත් කනේපාරක්.

Anura Kumara Dissanayaka Sajith Premadasa Samagi Jana Balawegaya
By Aruna Oct 05, 2024 02:56 AM GMT
Aruna

Aruna

Report

ජාතික ජන බලවේග ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයකට සමගි ජන බලවේගය විරෝධය පළ කර තිබෙනවා.

මේ පිළිබඳව සමගි ජන බලවේග නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ සඳහන්වේ...

කේ.ඩි.ලාල්කාන්ත මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකර තිබූ ප්‍රකාශය සම්බන්ධවයි.

සමාජ මාධ්‍යයට වීඩියෝ සහ ඡායාරූප මුදාහරින අයට රතු එළියක්..අද සිට නවත්තන්න වෙයි.

සමාජ මාධ්‍යයට වීඩියෝ සහ ඡායාරූප මුදාහරින අයට රතු එළියක්..අද සිට නවත්තන්න වෙයි.


ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩි.ලාල්කාන්ත මහතා (03) මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකර තිබූ ප්‍රකාශය සම්බන්ධව අපගේ අවධානය යොමුකර ඇත.

ඔහු මධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුනේ මෙවැන්නකි : (උපුටා ගැනීම)

“සජිත් ප්‍රේමදාස නාමික විපක්ෂ නායකවරයකු මිස‍, විපක්ෂ නායකකමක් පහුගිය කාලෙවත් කළේ නැහැ” මෙම ප්‍රකාශය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ඒකකය ලෙස පළමුවෙන්ම තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු.

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක තනතුර දරමින් සිදුකළ සේවය‍, ලාල්කාන්ත මහතා දැන හෝ නොදැන මෙවැනි ප්‍රකාශයක් හරහා ජන මනස විකෘති කිරීමට උත්සාහ කිරීම ගැන කනගාටුව පළ කරන්නෙමු.

ඔහු විපක්ෂ නායකවරයා ලෙස ගත් පහත සඳහන් ක්‍රියාමාර්ග තුළින් රටක් ලෙස ශ්‍රී ලංකාවත්‍, එහි ලක්ෂ 220ක ජනතාවත් ධනාත්මක ප්‍රතිලාභ මේ මොහොතේ පවා භුක්ති විඳින බව අවධාරණය කර සිටින්නෙමු.

මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 50% වැඩි දායකත්වයක් ලබාදෙන‍, ක්ෂුද්‍ර‍, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින්ට බලපෑ පරාටේ නීතිය තාවකාලිකව නතර කිරීමට සජිත් ප්‍රේමදාස මහතා පෙරමුණ ගත් අතර‍, ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ජා කර‍, කඩා වැටෙමින් තිබූ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර ගොඩනගා ගන්නට ඩොලර් මිලියන 100 ක් මෙරට බැංකු පද්ධතිය හරහා ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ බව පළමුවෙන්ම මතක්කර සිටින්නෙමු.

රටේ ලක්ෂ 220ක් වූ ජනතාව ආර්ථිකමය වශයෙන් බංකොලොත් කළ රාජපක්ෂ පවුලත්‍, ඔවුන් පිටුපස සිටි නිලධාරි පැලැන්තියත්‍‍ එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින්‍, ඔවුන් වරදකරුවන් කිරීමට කටයුතු කළේ අන් කිසිවෙකුත් නොව විපක්ෂ නායකවරයා බවද අපි මතක් කර දෙන්නෙමු.

අද ලග්න කිහිපයකට පොකට් එකට තට්ටු වෙන දිනයක්.. තවත් ලග්න කිහිපයකට හදිසි ධන ලාභ..

අද ලග්න කිහිපයකට පොකට් එකට තට්ටු වෙන දිනයක්.. තවත් ලග්න කිහිපයකට හදිසි ධන ලාභ..


දූෂණයට‍, වංචාවට එරෙහිවීම බලය ලැබීමටත් පෙර සිට ක්‍රියාවට නැංවූ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට රැගෙන ආ ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට සහ නිළධාරීන්ට නඩු පැවරීමටද සිය නායකත්වය ලබාදුන් බවද මතක් කර සිටින්නෙමු.

නඩු දැමීමට පෙර කෙහෙළිය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් රැගෙන ආ මොහොතේ‍, ලාල් කාන්ත මහතාගේ පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනා අත්සන් නොකොට පළාගිය බවද ඔහුට අප මතක් කරදීමට අපි මෙය අවස්ථාවක්ද කර ගන්නෙමු.

ආන්දෝලනාත්මක VFS ඔන්ලයින් වීසා ගණුදෙණුව නතර කිරීමට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තම කණ්ඩායම මෙහෙයවූ සජිත් ප්‍රේමදාස මහතා රටට රුපියල් මිලියන ගණනක් ඉතිරි කරදුන් බවත් ලාල්කාන්ත මහතාට මතක්කර දෙන්නෙමු.

විදුලි බිල අඩුකරන්නැයි‍, ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කරමින්‍, ඒ හරහා ජනතාවට විදුලිබිල අඩුකර දෙන්නට විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පෙරමුණ ගත්බවද අපි මතක් කර දෙන්නෙමු.

මේ රටේ අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරන්නට ස්මාට් පන්තිකාමර ලබාදීමත්‍, ප්‍රවාහන දුෂ්කරතා ඇති පාසැල්වල දරුවන්ගේ පහසුව සඳහා බස්රථ ලබාදීමත් හරහා පළමුවරට වැඩ කරන විපක්ෂයක ආදර්ශය රටට හඳුන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා ඊට අමතරව රටේ රෝහල් පද්ධතියට අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ‍, ඖෂධ ලබාදෙමින් නිදහස් සෞඛ්‍ය දියුණු කිරීම තුළින් රෝහලේ ඇඳන් මත තම ජීවිතය අයදින අහිංසක මිනිසුන්ට හුස්ම දෙන්නට කටයුතු කළ බව ලාල්කාන්ත මහතාට සිහිපත් කර සිටින්නෙමු.

මේ විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ සේවයෙන් බිඳ පමණක් වන අතර‍, ඉන් ප්‍රතිලාභ ලැබුණේ ඔහුට ඡන්දය දුන් ජනතාවට නොව‍, උපන්‍, නූපන් දරුවාගේ සිට මේ රටේ ලක්ෂ 220ක් වූ සෑම පුරවැසියෙකුටම බවත් මෙම නිවේදනය මගින් ලාල්කාන්ත මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට අපි සිහිපත් කර සිටින්නෙමු.

රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරි වල සිටින පිරිසකට රජයෙන් විශේෂ දැනුම්දීමක්.

රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරි වල සිටින පිරිසකට රජයෙන් විශේෂ දැනුම්දීමක්.


රට ආර්ථික වශයෙන් කඩා වැටී තිබියදී ජාත්‍යන්තරය සමඟ කතා කරමින් රටට ආයෝජන සහ පරිත්‍යාග ලබාගන්නට විපක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ මොහොතේ‍, ඇතමුන් රටට ඩොලර් එවීමෙන් වලකින්නැයි සිදුකළ ප්‍රකාශද මේ රටේ ජනතාවට අමතකව නොමැති බවද අපි ලාල්කාන්ත මහතාට සිහිපත් කරන්නෙමු.

පැවති රජයේ අත්තනෝමතික හා ජනතා විරෝධී ක්‍රියාවන්ට එරෙහිව විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම එරෙහි වෙද්දී‍, ඒවා මගහරිමින් ලාල්කාන්ත මහතාගේ කඳවුර පැනගිය ආකාරයත් අපි සිහිපත් කරන අතර‍, ජනාධිපතිවරණයේ අවසන් සමයේ සැඟව සිට මේ මොහොතේ හෝ කරළියට පැමිණිමට ලාල්කාන්ත මහතාට අවස්ථාවක් හිමිවීම ගැන සතුටු වන බවද අවසාන වශයෙන් සඳහන් කරන්නෙමු.