රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරි වල සිටින පිරිසකට රජයෙන් විශේෂ දැනුම්දීමක්.

Report

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇති බව වාර්තා වනවා.

රජයේ සංස්ථා මණ්ඩල රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් දැනට ඉවත්ව ගොස් ඇතත්, සමහර ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් තවමත් රැඳී සිටින බව ද දැනගන්නට ලැබේ.

අද ලග්න කිහිපයකට පොකට් එකට තට්ටු වෙන දිනයක්.. තවත් ලග්න කිහිපයකට හදිසි ධන ලාභ..

අද ලග්න කිහිපයකට පොකට් එකට තට්ටු වෙන දිනයක්.. තවත් ලග්න කිහිපයකට හදිසි ධන ලාභ..


මේ අතර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා එම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත්තේ, අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය, කාන්තා ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සමූපකාර සංවර්ධන කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තාවකාලිකව අත්හිටුවන ලෙසයි.

සභාපතිවරුන් ඉල්ලා අස්වූ ආයතන කිහිපයකට අලුත් සභාපතිවරු දැනටමත් පත් කරනු ලැබ සිටිනවා.