ජීවිත 15 ක් නැති කළ ඇල්ල වැල්ලවාය බස් අනතුර සිදු වුණ තැනට ආරක්ෂිත බැම්මක්
ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයේ 15 වන කණුව ප්රදේශයේදී මාරක බස්රථ අනතුර සිදුවූ ස්ථානයේ පස් බැමි යොදා ආරක්ෂිත බැම්මක් අද (10) දින ඉදිකළ බව ඌව පළාත් ආණ්ඩුකාර නිතීඥ කපිල ජයසේකර මහතා ප්රකාශ කරයි.
ඒ අනුව ඉකුත් 04 වැනිදා රාත්රියේදී මෙම ස්ථානයේ බිහිසුණු අනතුරක් සිදු වුණේ ජීවිත 15ක් අහිමි කරමින්.
ඒ තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ද සමඟ නුවරඑළිය ප්රදේශයේ විනෝද චාරිකාවකට ගොස් ආපසු එමින් සිටියදී ඇල්ල වැල්ලවාය මාර්ගයේදී දරුණු අනතුර සිදුවු වීමෙන්.
එමෙන්ම මෙම ස්ථානයේ මීට පෙරත් මාර්ග අනතුරු කීපයක් සිදුවී බොහෝ ජීවිත හානි රැසක් සිදුව ඇති බව වාර්තා වේ.
එනිසා මාරක අනතුරු අවම කිරීමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්වී එම ස්ථානයේ පස් බැම්ම යොදා ආරක්ෂිත බැම්මක් ඉදිකර තිබෙන බව වාර්තා වේ.