හෙට සිට සබරගමු මහ පෙරහැර ඇරඹෙන වගයි...

By Subodha Aug 27, 2022 10:55 AM GMT
Report

වාර්ෂිකව පවත්වනු ලබන ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මහා පූජෝත්සවය හෙට(28) සිට ආරම්භ විමට නියමිතයි.

හෙට අලුයම කප් සිටුවීමෙන් අනතුරුව රාත්‍රී කුඹල් පෙරහර ආරම්භ කෙරෙන අතර 31 වනදා තෙක් කුඹල් පෙරහැර ද වීථි පෙරහැර සැප්තැම්බර් 1වන දා සිට 5වන දා දක්වාද සබරගමු මහ සමන් දේවාලයේ මහ පෙරහැර සැප්තැම්බර් මස 6 වනදා සිට 10 වනදා දක්වා වීථි සංචාරය කිරීමට නියමිත බව සදහන් වේ.

පසුව සැප්තැම්බර් 11 වනදා දිය කැපීමෙන් අනතුරු ව පෙරහර යළි මහ සමන් දේවාලයට ගෙවැදීමෙන් පසු පෙරහැර කටයුතු නිමාවට පත්කෙරෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now