ගමකට ගිය පොහොට්ටුවේ ප්‍රබලයෙක්ට දැඩි විරෝධයක් - සියල්ලන් එකතු වෙලා හූ තියලා බැන වදිමින් පන්නලා.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO)

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතාට තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයේ දී දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඒ එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ගෙන් ය.

එම අදාළ ගම්මානයේ පිරිසක් මරණාධාර සමිති ශාලාවකට එක්රැස් වී නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කෙරන බව සඳහන් ජල පිරිපහදු ඒකකයක් පටන්ගැනීමට අදාළ කටයුතු සඳහා සාකච්ඡා කර ඇත.

2024 ලබද්දිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොහෙද දන්නව ද හිටියේ?. විශේෂ සටහනකුත් තබා කියු කතාව.. (PHOTOS)

2024 ලබද්දිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොහෙද දන්නව ද හිටියේ?. විශේෂ සටහනකුත් තබා කියු කතාව.. (PHOTOS)


එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා, එස්.එම්.රංජිත්, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත යන පුද්ගලයින් ද පැමිණ තිබෙනවා.

එහි එම පුද්ගලයින් සිටිනු දැක ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ට දැඩි විරෝධයක් එල්ල කර ඇත.

කෙසේ වෙතත්, එහි සිටි පුද්ගලයෙක් විසින් එම අවස්ථාව සිය ජංගම දුරකථනයකින් වීඩියෝ ද කර තිබෙනවා.

වීඩියෝ දර්ශන - Ada Derana