බොන්නවත් වතුර නෑ - කහවත්ත විද්‍යාපීඨය (PHOTO)

Report

රටේ අනාගත පරපුර ගොඩ නගන්නේ ගුරුවරුන්. අන්න ඒ ගුරුවරුන්ව තනන ආයතනය තමයි ශ්‍රී ලංකාවේ විද්‍යාපීඨ කියන්නේ.

ඒත් වැල්ලදුර, කහවත්ත විද්‍යාපීඨය ඇතුළෙන් ඇහෙන මේ සිදුවීම නම් රටේ අනාගතය හදන ගුරුවරුන්ට කරන්න එච්චර සුදුසු දෙයක් නෙමෙයි.

වැල්ලදුර, කහවත්ත විද්‍යාපීඨයේ නේවාසිකව අධ්‍යාපනය ලබන ගුරුවරුන්ට තම අත්‍යාවශ්‍ය අවශ්‍යතා ටිකවත් සපුරගන්න වතුර ටිකක් නැති වෙලා තියෙන්නේ.

අම්මෝ ලස්සන , ශ්‍රී ලංකාව ඇදුමක් විදිහට ඇදපු අනුදි

අම්මෝ ලස්සන , ශ්‍රී ලංකාව ඇදුමක් විදිහට ඇදපු අනුදි

සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ නාන්න තියා බොන්නවත් පිරිසිදු වතුර ටිකක් දෙන්න මේ පරිපාලනය අපොහොසත් වෙලා තියෙන බවක් තමයි වාර්තා වෙන්නේ.

ශිෂ්‍යන්ගේ චෝදනාව වෙන්නේ මේ පිළීබද අදාළ බලධාරීන්ට වාර්තා කලත් වතුර අපිරිසිදු නැති බව පවසමින් එහි ගද සුවද ගැන තර්ක කරමින් සිටිනා බවයි.

නේවාසිකව අධ්‍යාපනය ලබන බහුතරයක් ගැහැණු ළමයින් වීමත් ඔවුන්ට ලබා දීමට අවශ්‍ය අවම සනීපාරක්ෂාව හෝ ලබා දීමට රටේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ වැල්ලදුර, කහවත්ත විද්‍යාපීඨයේ බලධාරීන් අසාර්ථක වීමත් බරපතල ප්‍රශ්ණයක්.

මේ ගැටලුවට හැකි විගස අදාළ කාර්යමණ්ඩලය නිවැරදි කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.  

Gallery