රුසියාවේ තල්මස් ඔත්තුකරු මියයි..

Death World Russia Latest Headlines
By Piyumika Sep 02, 2024 05:06 AM GMT
Piyumika

Piyumika

Report

රුසියාව විසින් ඔත්තුකරුවෙකු ලෙස පුහුණු කළ බවට සැක කෙරෙන බෙලූගා තල්මසෙකු නෝර්වේ වෙරළට ඔබ්බෙන් මියගොස් සිටියදී සොයාගෙන ඇත.

සැඟව සිටි තවත් ඝාතකයෙකු කොටුවේ..

සැඟව සිටි තවත් ඝාතකයෙකු කොටුවේ..

ව්ලැඩිමීර් ලෙස නම් කළ මෙම සත්වයාගේ සිරුර නිරිතදිග රිසාවිකා නගරාසන්න මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගෙන ඇති අතර, පරීක්ෂණ සඳහා වරායට ගෙන ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන ලද්දේ.

මීට වසර පහකට පෙර "සාන්ත පීටර්ස්බර්ග් උපකරණ" යනුවෙන් සඳහන් කර ඇති පටිවලට සවි කර ඇති කැමරාවක් සමඟින් වයස අවුරුදු 15ක තල්මසා ප්‍රථම වරට නෝර්වීජියානු මුහුදේ දී දැක ගැනීමට හැකි වී තිබුණි . මෙම සත්වයා ඔත්තු සේවයේ යොදවා ඇති බවට එවක ප්‍රචාර වූවත් රුසියාව ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත.

දියවැලට අසුවූ සිසුන් තිදෙනාගේ ජිවිත බේරාගත් මෙහෙයුම ..

දියවැලට අසුවූ සිසුන් තිදෙනාගේ ජිවිත බේරාගත් මෙහෙයුම ..

වසර ගණනක් මෙම සත්වයා නිරීක්ෂණය කළ මැරයින් මයින්ඩ් නම් සංවිධානය තල්මස් සිරුර සොයාගෙන තිබූ අතර, මරණීය තුවාලද දක්නට නොමැති බවයි ඔවුන් පවසන්නේ. අවුරුදු 60ක් පමණ ජීවත්වන බෙලූගා වර්ගයේ තල්මසුන් දිගින් අඩි පහේ සිට 15 ක් පමණ විය හැකි අතර, කිලෝග්‍රෑම් 1500 කට ආසන්න බරකින් යුක්තයි.