යුක්‍රේන රුසියා යුද්ධයෙන් ශ්‍රී ලංකාවට ගොඩයන්න පොටක් පෑදෙයි!!!ලැබුණු වාසිය මෙන්න.
යුක්‍රේන රුසියා අර්බුදය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට අපේක්ෂා කළ තරම් බලපෑමක් මේ දක්වා සිදුව නැතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
එහි සභාපති උපුල් ධර්මදාස මහතා පැවසුවේ, යුක්‍රේන රුසියා අර්බුදය පැවතිය ද සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් සිදුව නොමැති බවයි.
අර්බුදය තවදුරටත් පැවතියහොත් රුසියාවට හා යුක්‍රේනයට යාමට සිටි සංචාරකයින් පවා මෙරටට පැමිණෙනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසුවේ, ඉකුත් දින කිහිපයේ මෙරටට පැමිණි සංචාරකයින්ගේ ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.
ඉකුත් ජනවාරි මස පළවනදා සිට පෙබරවාරි 24 වනදා දක්වා කාලය සැලකීමේදී මෙරටට සංචාරකයින් එක් ලක්ෂ 64,898 දෙනෙකු පැමිණ තිබුණා.
ඉන් 26,597 දෙනෙකු රුසියානු ජාතිකයින්. රටක් ලෙස ගත් කළ අදාළ කාලය තුළ වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ රුසියාවෙන්.
යුක්‍රේනය පසුවන්නේ එම ලැයිස්තුවේ සිව්වන ස්ථානයේයි.
එම සංඛ්‍යාව 12,979 ක්. යුක්‍රේනය ආසන්නයේ ඇති පෝලන්තය හා බෙලරුස් යන රටවලින් ද එම කාලය තුළ සැලකිය යුතු සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |