යුක්රේන ප්‍රහාර හමුවේ රුසියාවේ 11000 ක් මිය යයි...සටන් වලින් රුසියාවට සිදුවූ දැවැන්ත හානිය මෙන්න (PHOTOS / VIDEOS)

World Ukraine American Russian Russian Ukraine war
By Aruna Mar 07, 2022 11:03 PM GMT
Aruna

Aruna

Report

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරිමට පියවර ගෙන මේ වන විට දින 11ක් ගතවී ඇති අතර මේ වන විට රුසියානු භට පිරිස් වෙත බරපතල හානි සිදුව ඇති බව යුක්රේනය සඳහන් කර සිටිනවා.

ඉකුත් සති අන්තයේදී රුසියාව විසින් සිය ග්‍රහණයට නතු කර ගනු ලැබූ Chernihiv නගරයේ බලය නැවත තමන් සතු කර ගැනීමට යුක්රේන හමුදාවන් අද සමත්ව තිබෙනවා.

එම සටනේදී රුසියානු හමුදාවේ අණ දෙන නිලධාරින් දෙදෙනෙකු ද ජිවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර Mykolaiv ගුවන්තොටුපොළ ද සිය පාලනයට නතුකර ගැනීමට යුක්රේන සෙබළුන් සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර ඊයේ රාත්‍රියේ දී යුක්රේන භට පිරිස් විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාර මාලාවකින් Chornobaivak ගුවන් තොටුපොළට රැගෙන විත් තිබු රුසියානු හෙලිකොප්ටර් යානා 30ක් විනාශ වී ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

මේ අතර යුක්රේනයේ පිහිටි විශාලතම වරාය නගරය වන Odessa හි බලය අත්පත් කර ගැනීමට පැමිණි රුසියානු නාවික හමුදා යාත්‍රාවන්ට එල්ල කරන ලද යුක්රේන හමුදා ප්‍රහාර වලින් රුසියානු නාවික හමුදාවේ එක් යාත්‍රාවක් ගිනි ගෙන ඇති බව සඳහන්.

යුද්ධය ආරම්භ වී දින 11ක් ගතවන විට රුසියානු හමුදා භටයින් 11,000ක ගේ ජිවිත අහිමි වී ඇති බවයි යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටින්නනේ.

මේ දක්වා යුක්රේන ප්‍රහාර හමුවේ රුසියානු ගුවන් යානා 46ක්, හෙලිකොප්ටර් යානා 68ක්, යුධ ටැංකි 290ක්, කාලතුවක්කු අවි 117ක්, රොකට් ප්‍රහාරක රථ 50ක්, නාවික යාත්‍රා 02ක්, යුද රථ 454ක්, ඉන්ධන බවුසර් 60ක්, නියමුවන් රහිත යානා 07ක් සහ ගුවන් යානා නාශක පද්ධති 23ක් විනාශ කිරිමට සමත්වූ බවයි යුක්රේන ආරක්ෂක අංශ සඳහන් කර සිටින්නේ.

කෙසේ වුවත් මෙම සංඛ්‍යාලේඛණ ස්වාධීනව තහවුරු කර ගෙන නොමැති බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් සඳහන් කර සිටින්නේ.

කෙසේ වුවත් මේ දක්වා පැවති සටන් වලින් රුසියානු පාර්ශවයට සැලකිය යුතු හානියක් සිදුව ඇති බවද එම විශ්ලේෂකයින් ආනාවරණය කර සිටිනවා.

මේ අතර යුක්රේන ජනාධිපති Volodymyr Zelensky වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම යුද්ධය කිසි විටකත් යුක්රේනයට අවශ්‍ය නොවූ බවත් ඊට තම රට ඈදා ගත් බවයි.

අපගේ භූමියට පැමිණි සතුරන්ට එරෙහිව හමුදාවන් සටන් වදිමින් සිටින බවත් 80 වසරකට මෙපිට ඉතිහාසයේ කිසිදු යුරෝපිය රටක් මුහුණ නොදුන් සිද්ධි සමුදායකට සිය රට වැසියන් මුහුණ පාමින් සිටින බවයි.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery