විදේශීය යුවළකට මාරයා පෙන්නූ දරුණු වන අලි ප්‍රහාරයක් - අලියා දැකලා ෆොටෝ ගන්න ළඟටම ගිහින්

Report

බුත්තල - කතරගම මාර්ගයේ සංචාරය කරමින් සිටි විදේශීය යුවළක් මාර්ගයේ රැඳී සිටි වන අලියෙකුගේ ඡායාරූප ගැනීමට ඊයේ (10) දින කළ උත්සාහයකදී අලියා ප්‍රහාරයක් එල්ල කර ඇති බව කතරගම පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව එම අනතුරින් රුසියානු ජාතික කාන්තාව බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

මෙසේ අනතුරින් තුවාල ලබා ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවන අරියානා නැමැති රුසියානු ජාතික කාන්තාවක් වේ.

ඇය සිය 48 හැවිරිදි සැමියා වන ඩෙනෙස් මෙල්ශන් සමඟ ත්‍රිරෝද රථයකින් බුත්තල සිට කතරගම දක්වා ගමන් කරමින් සිටියදී එම සිද්ධියට මුහුණ දී ඇත.

අධිකරණයට යන මඟ උණුසුම් තත්ත්වයක් - එකවරම සැකකරුවෙකුට වීදුරු බෝතල් ප්‍රහාරයක්

අධිකරණයට යන මඟ උණුසුම් තත්ත්වයක් - එකවරම සැකකරුවෙකුට වීදුරු බෝතල් ප්‍රහාරයක්

ඒ අනුව වාර්තා වූයේ මාර්ගය අසල රැඳී සිටි වන අලියෙකු දුටු විදේශීය යුවළ, එම සත්වයාගේ ඡායාරූපයක් ලබා ගැනීමේ අරමුණින් ත්‍රිරෝද රථයෙන් බැස වන අලියා දෙසට ගොස් ඇති බවයි.

එහිදී කුපිත වූ වන අලියා ඔවුන් දෙසට කඩා වැදී ප්‍රහාරය එල්ල කර ඇති බවට කරුණු හෙළිවූ බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී සැමියා දිවගොස් බේරී ඇති නමුත්, කාන්තාව වන අලියාගේ ප්‍රහාරයට මැදිව ඇත.

එම ප්‍රහාරයෙන් රුසියානු කාන්තාවගේ දකුණු අතට බරපතළ තුවාල සිදුව තිබූ අතර, ඇය වහාම කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වූ පෙම් යුවළකට දුන්න රජ කාලේ දඬුවමක් - අමානුෂික දඬුවම මැද කාන්තාව සිහිසුන් වෙයි

විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වූ පෙම් යුවළකට දුන්න රජ කාලේ දඬුවමක් - අමානුෂික දඬුවම මැද කාන්තාව සිහිසුන් වෙයි

“තවත් තත්පර කිහිපයක් හිටියා නම්…” - මාර්ගයේ මැදට ගොඩබැස්ස ගුවන් යානය

“තවත් තත්පර කිහිපයක් හිටියා නම්…” - මාර්ගයේ මැදට ගොඩබැස්ස ගුවන් යානය