අධිකරණයට යන මඟ උණුසුම් තත්ත්වයක් - එකවරම සැකකරුවෙකුට වීදුරු බෝතල් ප්‍රහාරයක්

Report

ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ සිට පොලිස් ජීප් රථයෙන් ඇල්පිටිය අධිකරණයට අද (11) දින දහවල් රැගෙන යමින් සිටි සැකකරුවන් අතරින් එක් සැකකරුවෙකු තවත් සැකකරුවකුට එල්ල කළ වීදුරු බෝතල් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ සැකකරුවෙක් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව ඌරගස්මංහන්දිය පොලීසිය පැවසුවා.

ඒ අනුව සැකකරු මෙසේ අනෙක් සැකකරුට පහරදී ඇත්තේ අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යමින් සිටි සීල් කරන ලද තහනම් මත්ද්‍රව්‍ය සහිත වීදුරු බෝතලයකින් බවද පොලීසිය දැනුම් දී ඇත.

රනිල්ගේ නඩුවට මොකද වෙන්නේ? සුළු මොහොතකට පෙර සමන් ඒකනායක අධිකරණයට

රනිල්ගේ නඩුවට මොකද වෙන්නේ? සුළු මොහොතකට පෙර සමන් ඒකනායක අධිකරණයට

අඳාළ වීදුරු බෝතලයෙන් පහර දුන් සැකකරු මේ පහරදීම සම්බන්ධයෙන් දෙවැනි වරටත් සැකපිට ප්‍රශ්න කිරීමට පොලිස් ජීප් රථය තුළදීම අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කළා.

එමෙන්ම පහරදුන් සැකකරු ඌරගස්මංහන්දිය උතුරු මාගල පදිංචි අයෙකු බවත් පහර කෑමට ලක්වූ සැකකරු ඌරගස්මංහන්දිය පොළතුපළාත ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මහාධිකරණය අවට දැඩි ආරක්ෂාවක් - තීරණාත්මක තීන්දුවක් අද

මහාධිකරණය අවට දැඩි ආරක්ෂාවක් - තීරණාත්මක තීන්දුවක් අද

අමරකීර්ති ඝාතන නඩුවේ අවසාන විනිශ්චය - 12කට මරණ දඬුවම

අමරකීර්ති ඝාතන නඩුවේ අවසාන විනිශ්චය - 12කට මරණ දඬුවම