රුසියානු විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයකට සූදානම්
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ඉන්දියාවේ සංචාරයකට සූදානම් වන බව රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ ලබන මාසයේ නවදිල්ලියේ පැවැත්වෙන බ්‍රික්ස් (BRICS) විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහායි .
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ මේ පිළිබද රුසියානු රජයද මාධ්‍ය වෙත නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
ලැව්රොව් සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් අතර ද්විපාර්ශ්වික සබඳතා සහ වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික හා සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ රුසියානු-ඉන්දීය අන්තර් රාජ්‍ය කොමිසමේ රැස්වීම් සඳහා සූදානම් වීම ඇතුළු තවත් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා පවත්වනු ඇති බවයි.
“මැයි 14 සහ 15 යන දිනවල රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් නවදිල්ලියේ පැවැත්වෙන බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍ය මණ්ඩල සැසියට සහභාගී වීමට නියමිත බව මොස්කව්හි පැවැති මාධ්‍ය හමුවකදී රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවා සදහන් කර තිබේ,