මැයි දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
අද (01) කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන මැයි දින රැලි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කර තිබේ.
ඒ අනුව මහරගම පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මැයි රැලිය හේතුවෙන් කොළඹට ඇතුළු වීමේදී හෝමාගම දෙසින් පැමිණෙන සියළු රථවාහන මහරගම ඔරලෝසු කණුව අසලින් වමට හැරී බොරලැස්ගමුව හන්දිය දක්වා ගමන් කර කොහුවල හරහා කොළඹ දෙසට පැමිණිය හැකිය.
හෝමාගම දෙසින් පැමිණෙන බර වාහන පන්නිපිටිය හන්දියෙන් තලවතුගොඩ දෙසට ගමන් කර රාජගිරිය හරහා කොළඹට පැමිණිය හැකියි.
පොලිසිය සඳහන් කළේ යම් අවස්ථාවකදී රථවාහන තදබය අධික වුවහොත් පනාගොඩ හන්දියෙන් කොළඹ හයිලෙවල් මාර්ගයට රථවාහන ඇතුළු කිරීමට හැකියාවක් නොමැති බවත් එම රථවාහනවලට ලෝලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් කළ හැකි බවයි .
එසේම කොළඹින් පිටවීමේදී බොරැල්ල සිට හයිලෙවල් මාර්ගයේ මහරගම දෙසට පැමිණෙනන රථවාහන දෙල්කඳ හන්දියෙන් දකුණට හැරී රත්නපිටිය හන්දිය, බොරලැස්ගමුව හන්දිය හරහා මහරගම ඔරලෝසු කණුව අසලින් හෝමාගම දෙසට ගමන් කල යුතු වේ.
තවද කොළඹින් පිටවන බර වාහන නුගේගොඩ ගුවන් පාලම යටින් කොහුවල හන්දිය දක්වා ගමන් කර බොරලැස්ගමුව හන්දිය හරහා මහරගම ඔරලෝසු කණුව අසලින් හෝමාගම දෙසට ගමන් කළ යුතුයි.