රුසියානු- ෆින්ලන්ත සබඳතා වලට වෙන්න යන දේ

Report

සරණාගතයින්ගේ සංක්‍රමණ ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ෆින්ලන්ත රජය රුසියානු දේශසීමාවේ පිහිටි පිවිසුම් මාර්ග 04ක් වසා දැමීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සරණාගතයින් දේශසීමා වෙත යොමු කිරීමට රුසියාව පියවර ගෙන ඇති බවට ෆින්ලන්තය චෝදනා කරන අතර මෙම සතිය තුළ පමණක් එලෙස ෆින්ලන්තයට ඇතුළු වී ඇති සරණාගතයින් සංඛ්‍යාව 300ක් පමණ වන බව සඳහන්ය.

කෙසේ වෙතත් දේශසීමා පිවිසුම වසා දැමීමට ෆින්ලන්තය ගත් පියවර දෙරටේ සබඳතා පළුදු කිරීමට හේතු වනු ඇති බව රුසියාව ප්‍රකාශ කර තිබේ.