රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට සුදුසුකම් ලබයි
By Ashfa
රුමේෂ් තරංග විසින් ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පැවති හෙල්ල විසිකිරීම ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත.
තරගයේදී රුමේෂ් තරංග විසින් මීටර් 82.8ක දුරකට විසිකර 12වන ස්ථානය දිනාගෙන මෙම සුදුසුකම ලබා ගත්තේය.
තරග ඉසව්වෙන් ක්‍රීඩකයන් 12 දෙනෙකුට පමණක් අවසන් මහා තරගයට පිවිසීමට සුදුසුකම් ලබන අතර ඉන් තිදෙනෙක්ම දකුණු ආසියානු (ඉන්දියාව, පාකිස්තානය) ක්‍රීඩකයන් වේ.
මෙම තරගය සඳහා ක්‍රීඩකයන් 37 දෙනෙකු තරග වැඳුණු අතර, ඔවුන් අතරින් මීටර 81.86ක දක්ෂාවක් දැක් වූ සුමේද රණසිංහට 15වන ස්ථානය හිමිවිය.