රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සුභ පතයි
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද ඔහුගේ 75 වන උපන්දිනය සමරයි. ඔහු 1950 සැප්තැම්බර් 17 වන දින උතුරු ගුජරාටයේ මෙහ්සානා දිස්ත්‍රික්කයේ කුඩා නගරයක් වන වඩ්නගර් හි උපත ලැබීය.
ඊට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපන් දිනය සදහා ලෝක නායකයින් ඔවුන්ගේ සුභ පැතුම් එක් කරයි.
ඊට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් සිය සුබපැතුම් එක්කර ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා X ගිණුමේ සටහනක් තබමින් මෙලෙස සුභ පතා ඇත.
එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ "මා මිත්‍ර අගමැති නරේන්ද්‍ර මෝදිට උණුසුම් උපන්දින සුබ පැතුම්" එක් කරන බවය.