2027 අයවැයෙන් දැවැන්ත පෙරළියක් - ප්‍රාග්ධන වියදම්වලට රුපියල් ට්‍රිලියන 2ක් - අමාත්‍ය අනිල් ජයන්තගෙන් විශේෂ හෙළිදරව්වක්

Report

2027 වසර සඳහා වන අයවැය තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කිරීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව, ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් ට්‍රිලියන දෙකක මුදලක් වෙන් කිරීමට නියමිත බව වාර්තා වේ.

ආර්ථික ස්ථාවරත්වය තහවුරු කර ගැනීමෙන් අනතුරුව රට ආර්ථික පරිවර්තනයක් කරා ගෙන යාම රජයේ මීළඟ ප්‍රමුඛ කාර්යය බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එම ඉලක්කය සපුරා ගැනීම සඳහා දේශීය හා විදේශීය ආයෝජන ඉහළ නැංවීම මෙන්ම ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත් කිරීම ද අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව සංවිධානය කළ සංසදයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 2027 වසර සඳහා වන අයවැය යෝජනා ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එම අයවැය තුළින් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති හා සැලසුම් වඩාත් පැහැදිලි වනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනයට අදාළ යෝජනා 12න් බහුතරයක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ තිබේ.

එම යෝජනා අතරින් කිහිපයක් 2027 අයවැයට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ වක්‍ර බදු අධිකයි - දේපළ බද්ද ගැන රජයේ තීරණයක් නැති බව ඇමති අනිල් ජයන්ත කියයි

ශ්‍රී ලංකාවේ වක්‍ර බදු අධිකයි - දේපළ බද්ද ගැන රජයේ තීරණයක් නැති බව ඇමති අනිල් ජයන්ත කියයි

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වෙයි - බැංකු මට්ටමේ අලුත්ම විනිමය අනුපාත මෙන්න

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වෙයි - බැංකු මට්ටමේ අලුත්ම විනිමය අනුපාත මෙන්න