බස් රථයක් හරස්කර රියදුරුට හා කොන්දස්තරට පහරදුන් 6ක් අත්අඩංගුවට

Report

කළුතර - කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගස් හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදිවලින් පැමිණ සුඛෝපභෝගී බස් රථයක් හරස්කර එහි රියදුරුට සහ කොන්දස්තරවරයාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු කළුතර උතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වාද්දුව සහ මොරොන්තුඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, පහරදීම සඳහා ඔවුන් පැමිණි යතුරුපැදි දෙක ද පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් සමත්ව ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධියට හේතුව සහ ඒ පිටුපස ඇති පසුබිම සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

උඩ පහළ යන රන් මිලේ නවතම තත්ත්වය - අද පවුමක මිල මෙන්න

උඩ පහළ යන රන් මිලේ නවතම තත්ත්වය - අද පවුමක මිල මෙන්න