සුබ ආරංචියක් - ලංකාව සහ මේ රට අතර සෘජු ගුවන් සේවය අරඹයි

Report

උස්බෙකිස්තානය පදනම් කරගත් Centrum Air ගුවන් සමාගම, ටෂ්කන්ට් සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර නියමිත ගුවන් ගමන් වාර ඊයේ (28) දින සිට නිල වශයෙන් ආරම්භ කර තිබේ.

මෙම නව ගුවන් සබඳතාව හරහා ශ්‍රී ලංකාව සහ මධ්‍යම ආසියාතික කලාපය අතර නව සංචාරක මෙන්ම ද්විපාර්ශ්වික සබඳතාවක් ගොඩනැගෙන අතර, එමගින් මෙරට සංචාරක ක්ෂේත්‍රය නව මාවතකට යොමු වනු ඇති බවට විශ්වාස කෙරේ.

2026-2027 සංචාරක වාරය ඉලක්ක කරගනිමින් ආරම්භ කළ මෙම ගුවන් සේවාව සතියකට දෙවරක්, එනම් සෑම බදාදා සහ සෙනසුරාදා දිනවලම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

ඊයේ දින මෙරටට පැමිණි පළමු ගුවන් යානයේ සිටි විදේශීය සංචාරකයින් උණුසුම් ලෙස පිළිගැනීමට ද කටයුතු කර තිබිණි.

Aitken Spence PLC සමාගමේ අනුබද්ධිත Royal Spence Aviation ආයතනය, ශ්‍රී ලංකාව තුළ Centrum Air සමාගමේ ප්‍රධාන විකුණුම් නියෝජිතයා සහ ගුවන් තොටුපළ අධීක්ෂණ නියෝජිතයා ලෙස කටයුතු කරනු ලබයි.

උඩ පහළ යන රන් මිලේ නවතම තත්ත්වය - අද පවුමක මිල මෙන්න

උඩ පහළ යන රන් මිලේ නවතම තත්ත්වය - අද පවුමක මිල මෙන්න