කොරියානු භාෂා පරීක්ෂණ අපේක්ෂකයින්ට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක් - වහාම තහවුරු කරගන්න
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් කොරියානු භාෂා පරීක්ෂණයට අදාළව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නම භාවිත කරමින් ව්යාජ කෙටි පණිවිඩ (SMS) යොමු කිරීමේ ජාවාරමක් ක්රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බව වාර්තා කරයි.
ඒ අනුව මෙම වංචනික පණිවිඩ මඟින් ව්යාජ ගිණුම් අංකයක් සඳහන් කර ඊට මුදල් බැර කරන මෙන් කොරියානු භාෂා පරීක්ෂණයේ අපේක්ෂකයින් වෙත දන්වා යවන බව හෙළි වී ඇති බව සඳහන්.
ඒ අනුව කාර්යාංශය අවධාරණය කරන්නේ මෙය මුළුමනින්ම වංචාවක් බවයි.
එසේම ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්වා ඇත්තේ 2026 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණයට අදාළව අයදුම්පත් නිකුත් කිරීම ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය මඟින් ඉකුත් 26 වැනි දින සිට ලබන 30 වැනි දින දක්වා මාර්ගගත (Online) ක්රමවේදය ඔස්සේ පමණක් සිදු කරනු ලබන බවයි.
තවද විගමනික ශ්රමිකයින් හට කාර්යාංශය දන්වා ඇත්තේ, කාර්යාංශයේ නිල වෙබ් අඩවිය මඟින් දැනුම් දී ඇති ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නමින් ඇති නිල බැංකු ගිණුම් අංක වෙත පමණක් ගෙවීම් සිදු කරන ලෙසයි.
එසේම කාර්යාංශය දැනුවත් කර ඇත්තේ පරීක්ෂණයට අදාළ මුදල් ගෙවීම සඳහා ලැබෙන කෙටි පණිවිඩයක සත්ය අසත්ය බව තහවුරු කර ගැනීමට කාර්යාංශයේ හදිසි ඇමතුම් අංකය වන 1989 අමතන ලෙසයි.
එලෙස සත්යතාව තහවුරු කරගැනීමෙන් පසුව පමණක් අදාළ බැංකු ගිණුම්වලට මුදල් බැර කිරීමට කටයුතු කරන මෙන් ද එම කාර්යාංශය ඉල්ලා සිටියි.
සලකපු විදිහ අන්තිම කැතයි.. ලෝකෙම ආදරේ දිනූ කුමාර් සංගක්කාරට සහ පවුලේ අයට කම්පනයක් - සමාජ මාධ්ය කැළඹෙයි