අවසන් සටනට පෙර සිංහයෝ තවත් ජයක් සොයා පිටියට - ''කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි''

Report

පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (29) පැවැත්වෙන එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු යැවීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකාව මේ වනවිටත් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන ඇති අතර, එංගලන්තය තරගාවලියේ මෙතෙක් පැවැති තරග තුනම පරාජයට පත්ව තිබේ.

කණ්ඩායම් දෙකේ අවසන් ක්‍රීඩක සංයුතීය

ශ්‍රී ලංකා කණ්ඩායම

අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස් (නායක/කඩුලු රකින්නා), පවන් රත්නායක, සහන් ආරච්චිගේ, ජනිත් ලියනගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, එෂාන් මාලිංග, අසිත ප්‍රනාන්දු සහ දිල්ෂාන් මධුශංක.

එංගලන්ත කණ්ඩායම

බෙන් ඩකට්, ටොම් බැන්ටන්, ජෝ රූට්, හැරී බෲක් (නායක), ජෝර්ඩන් කොක්ස් (කඩුලු රකින්නා), සෑම් කරන්, විල් ජැක්ස්, ලියම් ඩෝසන්, ගස් ඇට්කින්සන්, හෙන්රි ක්‍රොකොම්බ් සහ සොනී බේකර්. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරගයට පෙර සූදානම් වීමට අවස්ථාවක් වන අතර, එංගලන්තයට තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කිරීමට අවස්ථාවක් වේ. අවසන් මහා තරගය ඔක්තෝබර් 31 වැනිදා පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා - එංගලන්ත අද සටනේ ජය කාටද? - ගඩාෆි පිටියේ දත්ත හෙළි කරන අනාවැකිය

ශ්‍රී ලංකා - එංගලන්ත අද සටනේ ජය කාටද? - ගඩාෆි පිටියේ දත්ත හෙළි කරන අනාවැකිය

“පවන්ගේ පිත්ත බාබර් අසාම් අතට ගෙන පරීක්ෂා කරයි” - එදා සනත්ගේ පිත්ත ගංගුලි අතට ගත් හැටිත් යළි මතක් වෙයි!

“පවන්ගේ පිත්ත බාබර් අසාම් අතට ගෙන පරීක්ෂා කරයි” - එදා සනත්ගේ පිත්ත ගංගුලි අතට ගත් හැටිත් යළි මතක් වෙයි!




GalleryGallery