සොයිසාපුර හෝටල් හිමිකරු ඝාතනයට ආ මෝටර් රථයේ රියදුරු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

Report

ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේදී හෝටල් හිමිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පැමිණි මෝටර් රථයේ රියදුරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6ක් ද සමග ලුනාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය, පට්ටිය හන්දිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. පසුගිය ඔක්තෝබර් 20 වැනිදා සොයිසාපුර ප්‍රදේශයේදී සිදු වූ මෙම ඝාතනය, දැනට විදේශගතව සිටින 'රත්මලානේ කුඩු අංජු'ගේ ප්‍රබල අනුගාමිකයෙකු වන ජයවර්ධන කොට්ටගේ රුවන් කුමාර නැමැත්තා විසින් විදේශයක සිට මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් බව කියන හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් විසිවෙයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් බව කියන හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් විසිවෙයි

විමර්ශනවලට අනුව, හෝමාගම නිවාස සංකීර්ණයක තිබූ ව්‍යාජ අංක තහඩු දැමූ මෝටර් රථයකින් පැමිණි සැකකාර රියදුරා කටයුතු කර තිබේ. ඔහු කටයුතු කර ඇත්තේ රුවන් කුමාර විසින් ලබාදුන් උපදෙස් මත වන අතර, ඒ වෙනුවෙන් ඔහුට ලක්ෂ 3කට ආසන්න මුදලක් බැංකු ගිණුම් හරහා ලැබී ඇත.

උඩ පහළ යන රන් මිලේ නවතම තත්ත්වය - අද පවුමක මිල මෙන්න

උඩ පහළ යන රන් මිලේ නවතම තත්ත්වය - අද පවුමක මිල මෙන්න

20 වැනිදා කටයුතු සූදානම් කරමින්, කටයුතු කළ රියදුරා කටුබැද්දේදී වෙඩික්කරු සහ අනෙක් සැකකරු ගිනිඅවිය සමග මෝටර් රථයට නංවාගෙන ගොස් මෙම ඝාතනය සිදුකර ඇති බව හෙළි වී තිබේ. 'මෝදර නවීන්' සහ 'වැල්ලේ සාරංග' වැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ද සබඳතා පවත්වා ඇති අදාළ සැකකරු අද (29) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය