නාවික හමුදාවෙන් දැවැන්ත අනාවරණයක් - “රටම එකට” මෙහෙයුමෙන් රුපියල් බිලියන 109කට අධික මත්ද්රව්ය අල්ලලා [VIDEO]
“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ මේ වසර තුළ රුපියල් බිලියන 109කට අධික වීථි වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොග අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි වී තිබේ. මත්ද්රව්ය තුරන් කිරීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාවික හමුදාවේ මාධ්ය ප්රකාශක කමාන්ඩර් චමින්ද වළාකුළුගේ මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු එතුමා
''රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කළේ පසුගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ. ඉතින් මේ වෙනතෙක්, අද වෙනකොට, මේ වසර තුළ නාවික හමුදාවට මත්ද්රව්ය තුරන් කිරීමේ මෙහෙයුම් යටතේ රුපියල් බිලියන 109කට අධික වීථි වටිනාකමක් තියෙන මත්ද්රව්ය තොග අත්අඩංගුවට ගන්න හැකිවෙලා තියෙනවා. ඉතින් සඳහන් කරන්න ඕනේ, මුලින්ම මේ මෙහෙයුම් “රටම එකට” වැඩසටහන යටතේ නාවික හමුදාව තනියෙන් නෙවෙයි කරන්නේ. ගොඩක් වෙලාවට මේ මෙහෙයුම් ඒකාබද්ධ මෙහෙයුම්. අපි මේ සඳහා ශ්රී ලංකා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF), මත්ද්රව්ය නිවාරණ කාර්යාංශය සහ අනෙකුත් රාජ්ය ආයතනත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් මං සඳහන් කළා, මේ වසර තුළ අපි අත්අඩංගුවට ගත්ත මත්ද්රව්යවල වටිනාකම බිලියන 109කට අධිකයි. ඉතින් මං කෙටි සංසන්දනයක් කරනවා නම්, මේ රුපියල් බිලියන 109ක් කියන්නේ වාර්ෂිකව නාවික හමුදාවට ප්රාග්ධන වියදම් සහ පුනරාවර්තන වියදම් විදිහට අයවැයෙන් වෙන් කරන මුදලට ආසන්න අගයක්. ඉතින් මේ සංසන්දනය දුන්නේ මේකේ බරපතළකම සහ ගැඹුර පොඩ්ඩක් දැනගන්න, අපේ සමාජයට පොඩ්ඩක් තේරුම් ගන්න තමයි. රුපියල් බිලියන 109කට අධික මත්ද්රව්ය අපි වසර ඇතුළත අත්අඩංගුවට ගන්නවා. “රටම එකට” වැඩසටහන ආරම්භ කළ දා සිට එතකොට මේක ආසන්න වශයෙන් ගත්තොත්, සංසන්දනාත්මකව ගත්තොත්, නාවික හමුදාවට වාර්ෂිකව වෙන් කරනු ලබන ප්රාග්ධන සහ පුනරාවර්තන වියදම්වල එකතුවට ආසන්නයි. ඉතින් අපි කියනවා, “Cost-Benefit Analysis” (වැය-ලාභ විශ්ලේෂණය) කළොත්, අපි මේ මත්ද්රව්ය තොගයක් අපේ සමාජයට ගලා ඒම, ඒ කියන්නේ අපේ මානව සම්පතට වින කරන්න පුළුවන්, තරුණ අනාගත පරපුරට වින කරන්න පුළුවන් සහ සමාජ සංවර්ධනයට වින කරන්න පුළුවන් මේ මත්ද්රව්ය ජාලා හරහා එන දේවල්, Investment අපි අයින් කරලා තියෙනවා. ඒක තමයි මෙතැන Underline මූලික පණිවිඩය.''