විශේෂ ඔත්තුවක් - රතු වරෙන්තුකරුවන් 112ක් රටවල් 13ක
රතු වරෙන්තු නිකුත් කරන ලද අපරාධකරුවන් 112 දෙනෙකු විදේශ රටවල් 13ක සැඟව සිටින බවට හඳුනාගෙන ඇති බවත්, එම සැකකරුවන් සහ සැකකාරියන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්ය පියවර ගනිමින් සිටින බවත් පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.
"රටම එකට" ජාතික මෙහෙයුමේ ප්රගතිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද (29) පැවැති මාධ්ය හමුව අමතමින් ඒ මහතා සඳහන් කළේ, අදාළ අපරාධකරුවන් 2027 වසර වන විට මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවයි.
ඉන් අනතුරුව ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම අපරාධකරුවන් බොහෝ දෙනෙකු මත්ද්රව්ය ජාවාරම් ඔස්සේ නීති විරෝධී ලෙස මුදල් උපයාගෙන ඇති බව පැවසූ පොලිස් මාධ්ය ප්රකාශකවරයා, එම අනිසි මුදල්වලින් උපයාගත් දේපොළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලීසියේ විශේෂ කොට්ඨාස දෙකක් හරහා පැය 24 පුරාම විමර්ශන ක්රියාත්මක වන බවද වැඩිදුරටත් පැවසීය.