දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Report

දිවයින වටා පිහිටි මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුළං තත්ත්වය කන්කසන්තුරය සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශවල ඊසාන දෙසින් සුළං හමා එනු ඇත.

දිවයින වටා අනෙකුත් මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හෝ විචල්‍ය දිශාවලින් හමා එන අතර, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25ත් 35ත් අතර පවතිනු ඇත

මුහුදේ ස්වභාවය දිවයින වටා පිහිටි මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් මඳ වශයෙන් රළු ස්වභාවයක් ගනු ඇත

 කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වේගයකින් තාවකාලික තද සුළං ඇතිවිය හැකි අතර, එම අවස්ථාවලදී මුහුද ඉතා රළු විය හැකිය.

ඒ අනුව, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී මුහුදු ප්‍රදේශවල ගමන් කිරීමේදී විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස උපදෙස් දෙනු ලැබේ.

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ජල ගාස්තු වැඩිවෙනවා කියන කතාවලට අමාත්‍යවරයාගෙන් උත්තර - ඉදිරි මාස කිහිපයේ ජල ගාස්තුවලට වෙන දේ මෙන්න

ජල ගාස්තු වැඩිවෙනවා කියන කතාවලට අමාත්‍යවරයාගෙන් උත්තර - ඉදිරි මාස කිහිපයේ ජල ගාස්තුවලට වෙන දේ මෙන්න