රුසියාවට අධික බලයෙන් යුත් අඩි 13ක් උස සුනාමි රළ කඩා වදී
By Shehan
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ සිදුවූ භූකම්පනයක් හේතුවෙන් කම්චට්කා අර්ධද්වීපයට අඩි 13ක් උසැති සුනාමි රළක් පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අද (30) උදෑසන රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ රික්ටර් මාපකයේ 8.8ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.
USGS හි දත්තවලට අනුව, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින්, කිලෝමීටර් 19ක් ගැඹුරට මෙම භූකම්පනය සිදුවී ඇත.
භූකම්පනයෙන් පසු ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ මීටර් 1ක් දක්වා රළ ඇතිවිය හැකි බවයි.
මීට අමතරව, හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත්වල කොටස් සඳහා ද සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.