රෝහිතගේ බෑණා රිමාන්ඩ් වෙද්දි ජගත්ගේ පුතාට ඇප
අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි ලබන අගෝස්තු 1වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ව්‍යාජ දත්ත ඇතුළත්කර ලියාපදිංචි කරන ලද ජීප් රථ ගණුදෙනුවකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අද (24) මතුගම අධිකරණය වෙත භාර වී තිබෙනවා.
එමෙන්ම ආන්දෝලනාත්මක ලෙස මෙම ජීප් රථ ගණුදෙනුවට අදාළවම අත්අඩංගුවට ගෙන සිටි සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා ඇප මත මුදාහැර ඇති බව ද සඳහන්.
ඔහුව මෙසේ මුදා හැර ඇත්තේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත පවසයි.