ගල් අඟුරු ගැන තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - හදිසි මිලදී ගැනීම් බලශක්ති කේෂ්ත්‍රයේ දුෂිතයින්ට රන් ආකාරයක් - රෝහිණී

Report

ආන්දෝලනයට තුඩු දී ඇති ගල් අඟුරු ජාවාරම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය විසින් සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා ඇත.

අඳාළ සටහන පහතින්,

අසත්‍ය තොරතුරු සමාජ ගත කරන්න එපා - බලශක්ති ඇමතිගෙන් සැර ප්‍රකාශයක්

අසත්‍ය තොරතුරු සමාජ ගත කරන්න එපා - බලශක්ති ඇමතිගෙන් සැර ප්‍රකාශයක්

"2026.02.03
පුවත්පත් නිවේදනය
ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්’
වැඩි මිල - දුෂිත ගණුදෙනුවකට ආණ්ඩුව උත්සහ දරනවා
‘හදිසි මිලදී ගැනීම්’ ලේබලය යටතේ මිලදී ගැනීම මගින්, ගල් අඟුරු සැපයුම, ‘රන් ආකාරයක්’ බවට පත් කර ගැනීමට ආණ්ඩුවේ පිරිසක් උත්සහ කරන්නේ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පවසයි. දුෂිත බලශක්ති මාෆියාව ඉන්ධන, විදුලි හා ගල්අඟුරු ජාවාරම සඳහා යොදා ගන්නා මෙවලම ලෙස භාවිත කරන්නේ ‘හදිසි මිලදී ගැනීම්’ ය. එම ගණුදෙනු බහුතරයක් අන්ත දුෂිත ය. සමාන්‍ය ක්‍රමයට වඩා වැඩි මිලක් මිලක් ගෙවා ලාභ ලැබීමට බලශක්ති මාෆියාව කටයුතු කරයි. ඒ සඳහා සෑම විටම ඔවුන් ප්‍රකාශ කරන්නේ හදිසි මිලදී ගැනීම් සිදු නොකරන්නේ නම් රට අඳුරේ තැබීමට සිදුවන බවය. නැවත වරක් විදුලිය කැපීමක් පිළිබඳ භීතිය මවමින් ස්පොට් ටෙන්ඩර් ක්‍රමය යටෙත් ‘හදිසි මිලදී ගැනීම් ලෙස’ ගල් අඟුරු නැව් 8 සිට 10 දක්වා මිලදී ගැනීමට රජය උත්සහ දරයි. හදිසි මිලදී ගැනීම් බලශක්ති කේෂ්ත්‍රයේ දුෂිතයින්ට රන් ආකාරයකි. එය විදුලි මිල ඉහළ යාමට හේතු වන බැවින් විදුලි පාරිභෝගිකයාට ද, රටට ද විනාශයකි. රටේ සම්පත් අන්ත දූෂිතයින් කිහිප දෙනෙකු අතට යාමට හේතුවකි. පැහැදිලිව ‘අල්ලස - දුෂණය’ යටතේ ගැනෙන වරදකි. මේ වන විටත් ආණ්ඩුව ප්‍රශ්නකාරී ගල් අඟුරු මිලදී ගැනීමක් සිදු කර ඇත. මේ වන විට ගල් අඟුරු නැව් 6 ක් ලංකාවට මුහුදු සීමාවට පැමිණ ඇත. තවත් නැව් හතරක පැටවීම් ආරම්භ කර ඇත. එසේ තිබියදී, හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට උත්සහ දැරීම තවත් අන්ත දූෂිත ගණුදෙණුවට අවස්ථාව සලසා ගැනීමකි. නිසි වෙළාවට ඛනිජ තෙල් ආනයනය නොකර හදිසි මිලදී ගැනීම් ලෙස ඛනිජ තෙල් මිලදී ගැනීම පිළිබඳ නඩු විභාගයක් මේ වන විට ඇරඹී ඇත. හදිසි මිලදී ගැනීම් ලෙස සිදු කළ ප්‍රමිතියෙන් බාල ඉන්ධන නිසා මෝටර් රථ විනාශ විය. ඩීසල් විදුලි බලාගාර මාෆියාව නිසා විදුලි බිල ඉහළ යන්නේය. යෝජිත ගල් අඟුරු හදිසි මිලදී ගැනීම් බහුරතයක් ද, එවැනිම දුෂිත ගනුදෙනු වෙති. නිසි ක්‍රමවේදයකින් ගල් අඟුරු මිලදී ගැනීමට රජයට මාස 11 ක කාලයක් තිබුණි. එය සිදු නොකර දුෂිත හදිසි ගණුදෙනුවකට රජය උත්සහ දරයි. මේ දුෂිත උත්සාහයන් වැලැක්වීමට අදාළ සියලු ආයතන පියවර ගත යුතුව ඇත.
රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී"

ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා මම දැම්මේ නෑනේ මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත

ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා මම දැම්මේ නෑනේ මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න