අසත්‍ය තොරතුරු සමාජ ගත කරන්න එපා - බලශක්ති ඇමතිගෙන් සැර ප්‍රකාශයක්
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (03) පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටියේ, වගකීමක් රහිත සහ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙසය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ආනයනික ගල් අඟුරු ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින්ය.ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, 2023 පිරිවිතර ටෙන්ඩර් ක්‍රමවේදය යටතේ ඔවුන් ක්‍රියා කළ බවයි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ගල් අඟුරු ආනයනයේදී ටෙන්ඩර් ක්‍රමවේදය හෝ පිරිවිතර ක්‍රමවේද වෙනස් නොකළ බවත්, ගල් අඟුරුවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ තත්ත්වයක් මතුවූ විට ගතයුතු ක්‍රියාමාර්ග ටෙන්ඩර්ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ අඩංගුවන බවත්ය.
තවද, ගල් අගුරු සැපයීම් හෝ ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටළු විසදීම සම්බන්ධව, අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයට අනුකූල ක්‍රමවේදයක් ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ ඇතුළත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.