සුප්‍රසිද්ධ හොලිවුඩ් අධ්‍යක්ෂ සහ බිරිඳගේ ඝාතනයට පුතා අත්අඩංගුවට - මරණයට හේතුව කියන ට්‍රම්ප්

Report

ජනප්‍රිය හොලිවුඩ් අධ්‍යක්ෂකවරයෙකු සහ නළුවෙකු වන රොබ් රයිනර් සහ ඔහුගේ බිරිඳ මිෂෙල් සිංගර් රයිනර් ලොස් ඇන්ජලීස් හි ඔවුන්ගේ නිවසේදී ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයාගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගේ පුතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල මෙම මරණ ඝාතනයක් බවට පොලිසිය සැකකරන බව සඳහන්.

ඒ අනුව රොබ් සහ මිෂෙල් රයිනර් ඝාතනයට ලක්වී දිනකට පසු එම දෙපළගේ පුත් නික් රයිනර් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රධාන සැකකරු වශයෙන් නම් කර ඇත.

නික් රයිනර්ගේ 32 හැවිරිදි වියෙ පසුවේ. එසේම මෙම නඩුව අද දින LA දිස්ත්‍රික් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

හොලිවුඩ් අධ්‍යක්ෂක රොබ් රේනර් සහ බිරිඳ අභිරහස් ලෙස මරුට

හොලිවුඩ් අධ්‍යක්ෂක රොබ් රේනර් සහ බිරිඳ අභිරහස් ලෙස මරුට

මිය ගිය රොබ් සහ මිෂෙල් රයිනර්ට දරුවන් තිදෙනෙක් සිටින අතර නික් ඔවුන්ගේ දෙවැනි පුත්‍රයා වේ. මින් පෙරද මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් ඔහු පිළිබඳ තොරතුරු ඇති බවට විදෙස් වාර්තාවල සඳහන්. මේ අතර බාල දියණිය වන රෝමි විසින් දෙමාපියන්ගේ සිරුරු සොයාගෙන තිබුණා.

රොබ් රයිනර් යනු When Harry Met Sally, This is Spinal Tap, The Princess Bride, Stand By Me, Misery සහ A Few Good Men වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමෙන් ප්‍රසිද්ධියට පත් වූවෙක් වන අතර ඔහු ලිබරල් මතවාද සහ ඩිමොක්‍රටික් දේශපාලනය වෙනුවෙන් පෙනී සිටි අයෙක්.

ලංකාවෙම ආදරේ දිනූ හිටපු ක්‍රීඩකයෙක් ජීවිතයෙන් සමුගෙන

ලංකාවෙම ආදරේ දිනූ හිටපු ක්‍රීඩකයෙක් ජීවිතයෙන් සමුගෙන

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනයට ලක්වන ප්‍රතිචාරයක් පළ කර ඇත.

ඒ අනුව වාර්තා වන්නේ ට්‍රම්ප් කිසිදු සාක්ෂියක් නොමැතිව රයිනර් සහ ඔහුගේ බිරිඳ මියගියේ ඔහුගේ ට්‍රම්ප් විරෝධී උමතුව හරහා ඔහු අන් අය තුළ ඇති කළ කෝපය නිසා බවට සඳහන් කර ඇති බවයි.

එසේම රයිනර්, ජනාධිපතිවරයාගේ දැඩි විවේචකයෙක් බව ද පැවසේ.

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල ගැන ඇහෙන කථාවල ඇත්ත නැත්ත

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල ගැන ඇහෙන කථාවල ඇත්ත නැත්ත