ලංකාවෙම ආදරේ දිනූ හිටපු ක්රීඩකයෙක් ජීවිතයෙන් සමුගෙන
1982 වර්ෂයේ දී ශ්රී ලංකාවේ මංගල ටෙස්ට් ක්රිකට් තරගයට ක්රීඩා කළ පා දඟ පන්දු යවන ක්රීඩකයෙකු වූ ඩී.එස් ද සිල්වා මහතා අභාවප්රාප්ත වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු ලන්ඩනයේ දී ආභාවප්රාප්ත වී ඇති බව ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කර ඇත.
අභාවප්රාප්ත වන විට ඔහු 83 වන වියේ පසු වූ බව සඳහන්.
ඩී.එස්. ද සිල්වා මහතා 2009 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කර තිබෙනවා.
ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් ජාතික කණ්ඩායමේ පළමු කණ්ඩායමට අයත් ක්රීඩකයෙකු වන ඩී.එස්. ද සිල්වා මහතා ටෙස්ට් තරග දෙකක් සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද දරා ඇත.